More

    සෑම ගොවියෙකුටම කාබනික පොහොර නිශ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12500 ක්.

    Must read

    සෑම ගොවියෙකුටම කාබනික පොහොර නිශ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12500 ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

    කාබනික පොහොර භාවිතය දිරිමත් කෙරේ. ඇතමුන් මවාපාන පරිදි රට තුළ පොහොර හිඟයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කීවේය.

    පොහොර වර්ග ආනනයනට අදාළව 2021 මැයි මස 06 වැනි දින නිකුත් කළ ආනයන අපනයන පාලන පනතට අදාළ ගැසට් පත්‍රයේ අඩුපාඩූ පවතින බවත්, ඉදිරියේදී එය නිවැරදි කර අලුතින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    මේ අතර, 2018 වසරේදී මෙරට පෙයාර්ස් නිශ්පාදනය මෙට්‍රික් ටොන් 1600 ක් බවත්, 2019 වසරේ එය මෙට්‍රික් ටොන් 1800 ක් බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

    එම වසර 02 දී මෙරටට ආනයනය කරන ලද පෙයාර්ස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 146 කි.
    ශ්‍රී ලංකාවේ පෙයාර්ස් ප්‍රභේද 03 ක් පවතින අතර, පෙයාර්ස් නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා කීවේය.
    නව ප්‍රභේද හඳුන්වා දීම, පැළ බෙදා දීම , වගාව සම්බන්ධ ඇතුළු පුහුණු වැඩසටහන් පැවැත්වීම එම ක්‍රියාමාර්ග අතර ප්‍රධාන වන බව අමාත්‍යරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article