More

    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය.

    Must read

    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ වධදීමට සහ අනිකුත් කෘෘර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වලට සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කළේය.
    පසුගිය 15 වැනිදා කථානායකවරයා එම සහතිකය සටහන් කර තිබේ.

    ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායකවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව එම සහතිකය සටහන් කර ඇත.
    ජූලි මස 06 වැනිදා එම පනත් කෙටුම්පත, ජන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව