More

    එන්නත්කරණ වැඩපිළිවෙළට රුපියල් බිලියන දෙසිය පනහකට වැඩි.

    Must read

    පවතින කොරෝනා වසංගත තත්ත්වය සපුරා මැඩ පැවැත්වීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ඇතුළු සෙසු කටයුතු සඳහා මුදල් අමාත්‍යංශය විසින් මෙතෙක් වැය කොට ඇති මුදල රුපියල් බිලියන දෙසිය පනහකට වැඩි බව පාර්ලිමේන්තුවේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.

    ජනතාවගේ රජයක් වන වත්මන් රජය කිසිදු පැකිළීමකින් තොරව ජනතාවගේ ජීවිත සුරක්ෂාව සඳහා මෙසේ මුදල් වැය කරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය .ඒ මහතා මේ බව සඳහන් කළේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා සියලු දෙනා ඉක්මනින් එන්නත්කරණයට යොමුකරවන රජයේ වැඩ පිළිවෙල අගය කරමින් ඒ පිළිබඳව විමසීමක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට පිළිතුරක් ලබා දෙමිනි.

    එසේම ,2015-2019 දක්වා කාල‍ය ඇතුළත ශ්‍රී ලංකාවට වෛද්‍ය තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට වැය වූ මුළු මුදල සම්බන්ධව විමසූ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට පිළිතුරක් දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එය රුපියල් බිලියන 112ක් පමණ වන බවයි .
    පසුගිය කාල සීමාවෙහි ගෙන්වන ලද මෙම වෛද්‍ය උපකරණ අක්‍රිය වීම සහ ඒ සම්බන්ධව සිදුවූ වංචා දූෂණ පිළිබඳව පළවූ වාර්තා සම්බන්ධව නීතිමය පියවරක් ගැනීම සිදුවන්නේ ද යන්න මුසම්මිල් මහතා විසින් මෙහිදී විමසූ අතර රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ යම් දූෂණයක් සිදුව තිබේ නම් ඒ හා සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට සිය රජය බලාපොරොත්තුවෙන් සිටින බවද විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව