More

    ඉන්දීය විශේෂ නියෝජිතයා තලේබාන් දේශපාලන අංශ ප්‍රධානී හමුවෙයි

    Must read

    තලේබාන් පාර්ශවයේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් දෝහා හි ඉන්දීය තානාපති කාර්යාලයයේ දී, මෙම හමුව සිදු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් Indianewsnetwork.com  වෙබ් අඩවිය සඳහන් කරයි.
     
    මෙම හමුව  අඟහරුවාදා දින කටාර්හි ඉන්දීය තානාපති දීපක් මිත්තල්  මහතා හා දෝහාහි තලේබාන් දේශපාලන කාර්යාලයේ ප්‍රධානී ෂේර් මොහොමඩ් අබ්බාස් ස්ටැනෙක්සායි අතර  සිදුවිය. අගෝස්තු 15 වැනිදා ඇෆ්ගනිස්තානය තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීමෙන් පසු ඉන්දියාවේ හා  ඇෆ්ගනිස්ථානයේ  තලේබාන්  සංවිධානය අතර සිදුවූ පළමු විධිමත් සම්බන්ධතාවය  මෙය වේ. 
     
    තලේබාන්  පාර්ශවයේ ඉල්ලීමකට අනුව මෙම හමුව  දෝහා හි ඉන්දීය තානාපති කාර්යාලයේදී සිදු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
     
    එම නිවේදනයට අනුව  ඇෆ්ගනිස්තාන භූමිය ඉන්දියානු විරෝධී  ක්‍රියාකාරකම්  සහ ත්‍රස්තවාදය සඳහා කිසිඳු ආකාරයකින් භාවිතා නොකළ යුතු බවට ඉන්දියානු තානාපතිවරයා අවධාරණය කර සිටියේය. 
     
    මෙම ගැටළුව සාධනීය ලෙස විසඳන බවට තලේබාන් නියෝජිතයා ඉන්දීය තානාපතිවරයාට සහතික විය.
     
    ඇෆ්ගනිස්ථානයේ  සිරවී සිටින ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්  නැවත ඉන්දියාවට   ගෙන්වාගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානයට  බඳුන් විය.
     
    ඇෆ්ගනිස්ථාන ජාතිකයන්ගේ සහ විශේෂයෙන්ම ඉන්දියාවට පැමිණීමට කැමති සුළු ජාතිකයින්ගේ සංචාර ගැන ද සාකච්ඡා  කෙරිණි
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව