More

    ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්.

    Must read

    මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්.

    කොවිඩ් – 19 පාලනය සදහා මේ වන විට  රජය හා සෞඛ්‍ය අංශ ගෙනයනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය (International Medical Health Organization (IMHO) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද දින (01) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා විසින් ඇමරිකාවේ සිටින ඔහුගේ මිත්‍රයන්ගෙන් කළ ඉල්ලිමකට අනුව ඔවුන් විසින් පෞද්ගලිකව එකතු කරන ලද මූල්‍ය ප්‍රතිපාදන මත මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබිණි.

    මෙම වෛද්‍ය උපකරණ අතර KN 95 මුව ආවරණ, පුද්ගල ආරක්ෂක ඇදුම් , CPAP යන්ත්‍ර, හුමාලක යන්ත්‍ර (Nebulizer), Active Oxygen, අත්සේදුම් දියර, මුහුණු ආවරණ, ශල්‍ය අත්ආවරණ, vocsn pro, Millennium M10 Concentra ඇතුළු කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වන අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ රාශියක් විය.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත උපකරණ නිල වශයෙන් සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා විසින් බාර ගැණිනි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.ශ්‍රීධරන් මහතා විසින් වෛද්‍ය සැපයීම් අංශයේ දී එම උපකරණ තොගය බාර දෙනු ලැබීය.

    මෙම වෛද්‍ය උපකරණ කඩිනමින් දිවයින පුරා පිහිටි රෝහල්, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ක්ෂේත්‍ර නිලධාරින් මෙන්ම සෞඛ්‍ය අංශයේ නොවන ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු වල නිරතවන  නිලධාරීන් වෙත ද අවශ්‍යතාවයන් අනුව ලබාදීමට කටයුතු සිදු කරන ලෙසට සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

     

    ඉන්දික පොල්කොටුව

     මාධ්‍ය ලේකම් 

     සෞඛ්‍ය අමාත්‍යාංශය.

    The post ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්. appeared first on Lanka News Column.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව