More

    අඩු මිලට රැගෙන හොරෙන් ගබඩා කර ඇති සියලු වී තොග රාජ සන්තක කරනවා

    Must read

    ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

    අඩු මිලට වී මිලදී ගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය.

    නීතිවිරෝධීව ගබඩා කර තිබෙන සීනි තොගද රජයට පවරාගෙන කිලෝව රුපියල් 130ට දීමට පියවර ගෙන ඇති අයුරින් නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටින සහල් තොග වටලා හාල් කිලෝව රුපියල් 97 බැගින් ජනතාවට දීමට පියවර ගන්නා බව ඇමැතිවරයා කියා සිටියේය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා එසේ කීවේය.

    කාබනික කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක මෙන්ම කාබනික පොහොර ආනයනය කිරීමට පෞද්ගලික වෙළෙඳුන්ට අවස්ථාව දී ඇති බැවින් එවැනි ඒවායේ හිඟයක් ඇති නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව