More

    දේශපාලනය වෙනුවෙන් ජන ජීවිත බිල්ලට දෙන අපේ විපක්ෂය!

    Must read

    මෙරට වකුගඩු රෝගීන් දහස් ගණන් වාර්තා වෙමින් ඇති අතර රජරට ප්‍රදේශවල සෑම පවුලකම සාමාජිකයකු හෝ දෙදෙනකු මෙම රෝගයට ගොදුරු වී තිබීම මහා ව්‍යසනයකි. තත්වය තවත් උග්‍ර අතට පත්වෙමින් කුඩා දරුවන්ට මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවටද වකුගඩු රෝග මෙන්ම අක්මා හා පිළිකා රෝග ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමට ප්‍රධාන හේතුවක් බවට මෙරට ගොවිතැනට භාවිතා කරන රසායනික පොහොර සහ කෘෂි රසායන හේතුවක් බවට විද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇත.

    දශක ගණනාවක් මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳව දේශපාලකයින් හා බලධාරීන් ගන්නා ලද අදුරදර්ශී තීන්දු තීරණ හේතුවෙන් ගොවි ජනතාව ගේ ජීවිත මෙන්ම සමස්ත රටේම ජනතා වගේ ජීවිත දැඩි අවධානමක හෙලමින් වකුගඩු රෝහල් පිළිකා රෝහල් පිරී ඉතිරි යමින් ඇත. රෝග මුලයට පිළියම් කොට රෝග ඇතිවීම නැවතීම පසෙක දමා සමහරු ආසියාවේ ලොකුම රෝහල් සාදමින් තව තවත් කෘෂි රසායන හා පොහොර ගෙන්වන සමාගම් සතුටු කරමින් දේශපාලන කරන්නට තරම් නිර්ලජ්ජිත විය.

    එහෙත් මේ රටේ ජනතාවගේ මෙන්ම සතා සිපාවගේද ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් රසායන පොහොර තහනම් කිරීමේ ඓතිහාසික තීන්දුවක් ගැනීමට ගෝඨාභය රාජපක්ෂ රජය සමත්වූ අතර ලෝකයෙන්ම එම තීන්දුව දිරිමත් කරමින් ප්‍රසංශා ලැබිණි. බහුජාතික සමාගම් සහ ඒවාගෙන් පෝෂණ වන මාධ්‍ය ආයතන හා දේශපාලකයින් රසායන පොහොර තහනමට එරෙහිව පෙළ ගැසෙමින් ගොවි ජනතාව නොමග යවමින් සිටින අතර දශක ගණනාවක් එකතුකළ රසායනද්‍රව්‍ය නිසා විනාශවූ පස යලි සරු කිරීමට අවශ්‍ය පියවර කෘෂිකර්ම බලධාරීන් ගනිමින් සිටී.

    දශක ගණනාවක් ගොවි ජනතාව හුරු පුරුදු වී සිටින ක්‍රමය එක රැයෙන් වෙනස් කිරීම අපහසු මුත් මේ මොහොතේ හෝ මේ තීන්දුව ක්‍රියාත්මක නොකලානම් අපේ රටේ ඉදිරි පරම්පරා ගණනාවක් මේ ව්‍යසනයෙන් පරලොව යන්නට නියමිතය. එබැවින් අප සියලුදෙනා රටක් ලෙස මේ තීන්දුව සමඟ එක්ව ගොවි ජනතාව රසායනික පොහොර මාරයාගෙන් ගලවා ගන්නට රටක් ලෙස එකතුවිය යුතුමය. එතුලින් රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම අප සැමගේ ජාති ක වගකීමකි.

    ජනතාව රසායනික පොහොර පිටු දැකීමට අමාරුවෙන් හෝ එක්වෙද්දී කාලකන්නි විපක්ෂය යලි චන්ද වෙනුවෙන් ජන ජීවිත බිලිදීමේ අපරාධයට පන දෙමින් සිටී. ඔවුන් සිය බංකොලොත් දේශපාලනය ගොඩ ගැනීමේ සටන් පාඨයක් බවට පොහොර තහනම භාවිතා කරමින් සිටින අතර පොහොර සමාගම් සහ ඔවුනට අයත් මාධ්‍ය ආයතන සමඟ අසරණ ගොවි ජනතාව නොමඟ යවමින් ඇත. විපක්ෂය පවසන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් ආ විගස රසායන පොහොර යලි ලබාදෙන බවය. දේශපාලනය වෙනුවෙන් ජන ජීවිත බිල්ලට දෙන්නට හදන විපක්ෂය පිළිබඳව ජනතාව නිසි පිළිතුරු ලබාදීමට පෙළ ගැසිය යුතු නොවේද?

    The post දේශපාලනය වෙනුවෙන් ජන ජීවිත බිල්ලට දෙන අපේ විපක්ෂය! appeared first on Colombo Tribune.

    The article first published on colombotribune.com ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව