More

    කාබනික පොහොර හදන ගොවීන්ට දෙසතියක් ඇතුළත 7500ක්!

    Must read

    දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි .

    මේ සඳහා එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට රුපියල්  ලක්ෂ 10 බැගින් මුදල් දෙන බවද අමාත්‍යවරයා කියයි.

    ගොවීන්ට අවශ්‍ය කාබනික නයිට්‍රජන් සහ පොටෑසියම් මේ වනවිටත් ආනයනය කර ඇති බව කී අමාත්‍යවරයා  සෑම ගොවියකුටම එම පොහොර නොමිලේ ලබාදෙන බවද සඳහන් කළේය.

    දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට මේ මස 15 වැනිදාට පෙර රුපියල්  7500ක මූලික මුදල්  ගෙවා අවසන්  කළයුතු බවටද අමාත්‍යවරයා ගොවිජන නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වී ගොවිතැන සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවල මෙහෙයවීමෙන් නිෂ්පාදනය කර ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    The post කාබනික පොහොර හදන ගොවීන්ට දෙසතියක් ඇතුළත 7500ක්! appeared first on Colombo Tribune.

    The article first published on colombotribune.com ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව