More

    පැතිර යන කතා බොරු භාණ්ඩ හිඟය සුළු පිරිසක් ඇති කළ කෘත්‍රිම තත්ත්වයක් – ඇමැති ජී. එල්. කියයි

    Must read

    වෙළෙඳපොළේ ඇති භාණ්ඩ හිඟය වෙළෙඳුන් සුළු පිරිසක් භාණ්ඩ සඟවා ඇති කළ කෘත්‍රිම තත්ත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

    රටක් වශයෙන් දුෂ්කර කාලයක් පසු කරමින් සිටින නමුත් කොවිඩ් වසංගතයෙන් පැන නැඟී ඇති ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ආණ්ඩුවක් වශයෙන් සූදානමින් සිටින බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ වසංගතය හමුවේ කිසිම ස්ථරයක් මඟ නොහැර මූල්‍ය පහසුකම් දුන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ඉතාම විශිෂ්ට ගණයේ ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් පවතින බවත් මේ වටපිටාව යටතේ විරුද්ධ පක්ෂ ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා කීවේය.

    ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආණ්ඩුව පවා විවේචනය කරමින් නිදහසේ තම කටයුතු කරගෙන යන බව මාර්ගගතව කොළඹදී පැවැත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් කථා කළ ඒ මහතා, අපේ රටේ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදි රටාවක් පවතිනවා. එහෙම නැතැයි පවසන අයට මා ආරාධනා කරනවා මෙරට පාර්ලිමේන්තුවට පැමිණ එහි කටයුතු කරන ආකාරය නරඹන්න එන්න කියලා. විරුද්ධ පක්ෂය ප්‍රමාණයෙන් සුළු වුණත් ඔවුන් ඉතා හොඳින් කටයුතු කරනවා. ආණ්ඩුවේ කටයුතු වවේචනය කරනවා, සෑම සැසි වාරයක් අවසානයේදීම ඔවුන්ට ඇමැති කෙනකුගෙන් හෝ ආණ්ඩුවෙන් ඍජු ප්‍රශ්න දෙකක් ඇසීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන් විවාද පවත්වනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍යවලට ඍජුවම ආණ්ඩුව විවේචනය කිරීමට අවස්ථාව තිබෙනවා. වැදගත්ම ස්තරය අධිකරණය, එහි කටයුතු නිදහස්ව වෙනවා.

    බුද්ධි කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව