More

    ආහාර වැඩි මිලට විකිණුවොත් දැඩි දඬුවම්

    Must read

    පාරිභෝගික පනතේ වගන්ති 72ක් සංශෝධනයට

    පාලන මිල ඉක්මවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකුණන පුද්ගලයන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා 2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරි පනතේ වගන්ති 72ක් සංශෝධනය කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.

    ලබන අඟහරුවාදා දිනයේ කෙරෙන එම සංශෝධනවලට අනුව සුපිරි වෙළෙඳසල් මෙන්ම අනෙකුත් අලෙවි සල්වලද පාලන මිලට වැඩියෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම වැළැක්වීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන තිබෙන බවත් අලගියවන්න මහතා පැවසීය.

    සුපිරි වෙළෙඳ සලක් හෝ අලෙවි සලක පාලන මිල ඉක්මවා ආහාර අලෙවි කිරීමේදී පළමු වතාවට හසු වුවහොත් රුපියල් දහසේ සිට දස දහස දක්වා තිබූ දඩය රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ නංවා තිබේ. දෙවැනි අවස්ථාවේදී හසු වුවහොත් රුපියල් දෙදහසේ සිට විසි දහස දක්වා තිබූ දඩය රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ විස්ස දක්වා ඉහළ නංවා ඇත.

    දඩයත් පනවා ඊට අමතරව මාස හයකට නොඅඩු සිරදඬුමක් පැනවීමේ නීතිමය ප්‍රතිපාදන මහේස්ත්‍රාත්වරයකුට හිමිය.

    සමාගමක් හෝ තනි ව්‍යාපාරයක් නම් පාලන මිලට වඩා වැඩි මිලකට වඩා භාණ්ඩ විකුණා හසු වුවහොත් පළමු අවස්ථාවේදී දැනට තිබෙන රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා දඩය රුපියල් ලක්ෂ දහයේ සිට රුපියල් ලක්ෂ සියය දක්වා ඉහළ නැංවේ. දෙවැනි වතාවේදී මෙතෙක් පැවති රුපියල් විසි දහසේ සිට රුපියල් ලක්ෂ දෙක දක්වා තිබූ දඩය රුපියල් ලක්ෂ විස්සේ සිට රුපියල් ලක්ෂ 200 දක්වා ඉහළ නංවා ඇත.

    අනුර ප්‍රේමලාල්

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව