More

    අවු: 20-29 අතර එන්නත්කරණය සති 2කින් නිම කිරීමට සැලසුම්

    Must read

    වයස අවුරුදු 20 – 29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීම කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුව තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් පළව ඇත.

    කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳ පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.

    දෛනිකව 400 – 450ත් අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී එන්නත්කරණය කරන අතර, ඒ ඒ මධ්‍යස්ථාන වෙත දෙන එන්නත් සංඛ්‍යාව සෞඛ්‍ය අංශවල නිර්දේශ මත තීරණය වන බව ඔවුහු ප්‍රකාශ කළහ.

    එහෙත් මධ්‍යස්ථානයකදී හෝ දෙකකදී වන සංසිද්ධියක් ගෙන හැර දක්වමින් සමස්ත ක්‍රියාවලිය අක්‍රමවත් බව හුවා දැක්වීමට මාධ්‍ය මඟින් කෙරෙන උත්සාහය කනගාටුදායක බව ඔවුහු කීහ.

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි සිදු කෙරුණු වයස අවුරදු 30ට වැඩි ජනතාවගේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය දුන් සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රශංසාව පළ කළේය.

    නුවන් කොඩිකාර

    The article first published on dinamina.lk ⋆෴⋆

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව