More

    මාධ්‍ය විචාරය හා ශානර භාවිතය

    Must read

    මාධ්‍යයේ කාර්යභාරය මෙතැකැයි කියා ගණනය කළ නොහැකි තරමේ පුළුල් පරාසයකි. සංහතිකයා නිර්මාණය වූ දා සිට මාධ්‍යයේ කාර්යභාරය හා වගකීම වලංගු සාධකයක් වේ. එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තොරතුරු මාධ්‍ය විසින් සම්පාදනය කරන බව සංහතිකයා තුළ ඇති විශ්වාසයයි. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි මෙන්ම අධ්‍යයතනය වන විට සමාජ මාධ්‍ය දක්වා වූ අති දැවැන්ත මාධ්‍යයමය වපසරිය තුළ සංහතිකයා විවිධ වූ ආකාරයෙන් ගනුදෙණු කරමින් සිටිති. ඒ තුළ තොරතුරු ප්‍රධාන සාධකය වුවද අධ්‍යාපනය, විනෝදාස්වාදය, පෙළඹවීම ආදී සියළු සාධක අත්විදීමටද සංහතිකයා හුරු පුරුදු වී සිටිති. එහෙන්ම එම තත්ත්වයන් අධ්‍යයතනයේ අත්‍යාවශ්‍ය සාධක බවටද පත්ව තිබේ. මාධ්‍ය මඟින් කරනුයේ, යථාර්තය ප්‍රතිනිර්මාණය කිරීමයි. පවතින යම් දෙයක් මාධ්‍ය විසින් ලබාගෙන, එය සංහතිකයා වෙත ඉදිරිපත් කිරීම මාධ්‍ය විසින් සිදුකරන කාර්යයයි. එහිදී සම්පාදනය වන්නා වූ සංදේශය සංශෝධනය නොවන බව පැවැසිය නොහැකිය. එමෙන්ම යථාර්තය වන්නේ, සුළු හෝ පුළුල් හෝ මුළුමනින්ම හෝ සංශෝධනයක් සිදුවන බවයි. අතීතයේ සිට පැවැත ආ මාධ්‍ය පඨිතය අධ්‍යයතනය වන විට යම් යම් වෙනස්වීම්වලට භාජනය වෙමින් තිබේ. මේ තත්ත්වය තුළ මාධ්‍ය පඨිත තුළ ඇති සුවිශේෂීතා විමසා බැලීමට මාධ්‍ය විචාරකයාට සිදුව තිබේ. ප්‍රවෘත්ති පඨිත පමණක් නොව, රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන්වල ආකෘති බෙහෙවින් වෙනස් වී තිබේ. විවිධ වැඩසටහන් ආකෘති නිර්මාණය වීම ඊට සරල උදාහරණයකි. මුල් කාලීන රූපවාහිනී වැඩසටහන් ශානර වෙනුවට අධ්‍යයතනය වන විට නව වැඩසටහන් ශානර ඉදිරිපත් වී තිබේ. එමෙන්ම අන්තර් ශානර නිර්මාණය වී තිබේ. නාට්‍ය තුළද සිදුව ඇත්තේ දැවැන්ත පරිවර්තනයකි. විවිධ රටවල විකාශය වූ ටෙලි නාට්‍ය තවත් රටක විකාශය වීම තුළ තවත් ප්‍රබල පරිවර්තනයක් සිදුව තිබේ. සමකාලීන මාධ්‍ය පඨිත තුළ දැකගත හැකි සුවිශේෂී වෙනස්කමක් ලෙස එය හැඳින්විය හැකිය. එම වෙනස්කම් දිනෙන් දින තව තවත් සංශෝධනය වෙමින් තිබේ. මාධ්‍ය විචාරයේදී ශානරවල වැදගත්කම පිළිබඳ සංවාදය ආරම්භ කිරීමට සිදුව ඇත්තේ මෙවැනි සංකීර්ණ සන්ධර්භයක් නිර්මාණය වී ඇති පසුබිමකයි. හැඳින්වීම සාහිත්‍ය විචාර සංකල්ප අතර විශේෂයෙන් අවදානය යොමු කිරීමේදී හදුනාගත හැකි මූලික සංකල්පයක් ලෙස ශෘනර හැඳින්විය හැකිය. එයද ශානර හා උප ශානර ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. ඨැබරු යන ප්‍රංශ වචනය තුළින් නිර්මාණය වන ශානරය යන්න සිංහල භෘෂාවෙන් ප්‍රබේදය, වර්ගය, ආදී ලෙසද හදුන්වයි. කෙසේ වෙතත් ඒ සඳහා නිර්මාණය වූ විශේෂිත වචනයක් ලෙස ශානරය යන යෙදුම හදුන්වා දිය හැකිය. මේ අනුව අවදානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ශානරය යන හැදින්වීම ප්‍රබේදයක්, වර්ග කිරීමක් වැනි දෙයකට වඩා එහා ගිය, සංකල්පයක් බවයි. කිසියම් නිර්මාණයක සැලැස්ම, තේමාව, මාතෘකාව, භාව ප්‍රකාශනය, ආකෘතිය, ග්‍රාහක ප්‍රජාව ආදී සියළු අංග සමඟ ගලපමින් කිසියම් කෘතියක්, පඨීතයක් විචාරයට ලක්කිරීමේදී ශානරය යන්න ඉතා වැදගත් වේ. එමෙන්ම මෙම නිබන්දනයෙන්ද අපේක්‍ෂා කරන්නේ, ටෙලි නාට්‍ය, චිත්‍රපට, පුවත්පත් වැනි මාධ්‍ය ව්‍යුහයන් තුළ ඇති පඨිත විචාරයේදී ශානර භාවිතය කොතරම් වැදගත්ද යන්න විමසීමටයි. ශානරය හා මාධ්‍ය විචාරය ශානරය යනු ප්‍රධාන කොටසකි. එමෙන්ම කිසියම් මාධ්‍ය පඨිතයක උප ශානරද හදුනාගත හැකිය. ඒවා අතුරු කොටස් වේ. ශානරයට මෙන්ම උප ශානරයටද ඒවාටම අවේණික විවිධ ලක්‍ෂණ හා ගතිකයන්, ආකෘති, තේමාවන් පවතී. ඒ පිළිබඳ පැහැදිලි කෙරෙන සරල නිදසුනක් පහත දැක්වේ. ලිපිය – ප්‍රධාන ශානරය වේ. පෙම් හසුන් – උප ශානර රාජකාරී ලිපි – උප ශානර ව්‍යාපාරික ලිපි – උප ශානර ඉහත උදාහරණය මඟින් ශානරය හා උප ශානරය යන්න සරලව පැහැදිලි කරගත හැකිය. ලිපිය යැයි කී විට ලැබෙන අර්ථයට වඩා පෙම් හසුන යැය කී විට ගම්‍ය වන්නේ වෙනස්ම තත්ත්වයකි. යමක් සැබෑවටම කුමක්දැයි පැහැදිලි කර ගැනීමට ශානරය වැදගත්වන වන අතර, එය සැබෑවටම කුමනාකාරයේ එකක්ද යන්න පැහැදිලි කර ගැනීමට උප ශානරය වැදගත්වන බව ඉහත උදාහරණයෙන් පැහැදිලි කර ගත හැකිය. එවැනි බෙදීමකින් සිදුවන්නේ යමක් පිළිබඳ පුළුල් පැහැදිලි කරගැනීමකි. ලිපිය කුමක්දැයි යන්නට අර්ථකථනයකි. මෙම තත්ත්වය සාහිත්‍යයට ආදේශ කිරීමේදී නව ආකාරයේ ශානර බිහිවීම පිළිබඳද සාධක හදුනාගත හැකිය. පද්‍ය යන්න වෙනුවට නිසැදැස්, නිදහස් කවි ආදී ශානර බිහිවීම ඊට එක් උදාහරණයකි. සිරි ගුණසිංහ, ජී.බී.සේනානයක වැනි රචකයින්ගේ ක්‍රියාකාරීත්වය තුළ මෙම බෙදිම හෙවත් වර්ග කිරීම සිදුවිය. විවිධ කලා නිර්මාණවල වෙනස හදුනාගැනීමට ශානරය ප්‍රධාන වශයෙන් මූලික වන බව පැහැදිලි වේ. (ඉන්ද්‍රානන්ද හිමි, 2018). එමෙන්ම රූපවාහිනියෙන් විකාශය වන නාට්‍ය සියල්ල ටෙලි නාට්‍ය වේ. කොටස් වශයෙන් නිෂ්පාදනය වන රසවත් කතාන්දරයක් ටෙලි නාට්‍යයක් ලෙස සරලව හැඳින්විය හැකිය. ටෙලි නාට්‍ය එකිනෙකට ඒවායේ කොටස් ප්‍රමාණය වෙනස්වන අතර, ඒවායේ සමාජ බලපෑම ඇතුළු සමස්ථයද විවිධාකාර වේ. මිනිස් හදවතට වඩාත් සමීපවන ටෙලි නාට්‍ය කුමක්ද ? එය වඩාත් සාර්ථක කලා කෘතියක් වන්නේය. කෙසේ වෙතත් වර්තමාන ටෙලි නාට්‍ය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ, පවුලක් වටා හෝ පවුල් කිහිපයක් වටා ගෙතුනු කතා මාලාවක් ලෙස බොහෝ ටෙලි නාට්‍ය නිර්මාණය වී ඇති බවයි. (දිසානායක, 2004). මාධ්‍ය විචාරයේ පුළුල් ආරම්භයක් ලෙස සැලකිය හැක්කේ සාහිත්‍ය පිළිබඳ වර්ගීකරණයේදීය. සාහිත්‍ය යනු කුමක්ද? එයින් සිදුවන්නේ කුමක්ද? හා එමඟින් ජනතාවට එල්ලවන බලපෑම කෙබදුද? ආකාරයේ විමසා බැලීම් සිදුකරන්නට විය. සාහිත්‍යයේ ආරම්භය කොහේ සිදුවූයේද ? යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවද සාහිත්‍ය කෘති වර්ගීකරණය කිරීම ග්‍රීකයින් විසින් මුලින්ම සිදුකළ බව හදුනාගත හැකිය. ඔවුන්ගේ ප්‍රමුඛයා වන්නේ ප්ලේටෝය. අනතුරුව ඇරිස්ටෝටල්ද ඒ සඳහා මූලික වී තිබේ. එම වර්ගීකරණය අනුව සාහිත්‍ය කෘති වර්ග තුනකට බෙදා දැක්වීමක් සිදුකර ඇති අතර, ප්‍රකාශන, නළු හා වීරකාව්‍ය ලෙස වර්ගීකරණය කර තිබේ. (නන්දලාල්, 2017). වර්තමානයේ ප්‍රබන්ද සාහිත්‍ය නවකතා, කෙටිකතා, කවි, ගීත, හා නාට්‍ය යන අංගවලින් සමන්විතය. එකල වර්ගීකරණයේදී නාට්‍ය තුළ අඩංගු ගීතද ඇතුලත්වන පරිදි එකම ප්‍රබේදයක් ලෙස වර්ග කළද පසුව නාට්‍ය හා ගීත ලෙස ප්‍රබේද දෙකක් ලෙස සලකා විචාරයට ලක්කිරීම ආරම්භ විය. අනු කොටස්වලට බෙදා වෙන්කර ගැනීම විචාරයට වඩාත් උචිත බවට වූ පිළිගැනීම ඊට හේතුවයි. (නන්දලාල්, 2017). ශානර යන අර්ථය ඒ සඳහා එක්වන්නේ ඉන් අනතුරුවයි. ශානරය යනු විධිය (දෙරප), ආකෘතිය(එහචැ), කාණ්ඩය (ිදරඑ), ස්වභාවය (නසබා) යන අර්ථ සමුදායේ එකතුවකි. ශානරය ලෙස වර්ගීකරණය කිරීමේදී ඇති වන වාසි කිහිපයක් හදුනාගත හැකිය. 01. විශාල කෘති සංඛ්‍යාවක් අතරින් අපට අවශ්‍යය කාණ්ඩය තීරණය කිරීම. 02. කෘතියේ අන්තර්ගතය හා ආකෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව. 03. සංසන්දනාත්මක අධ්‍යයනයකින් අවශ්‍යය කෘතිය හෝ කෘති කිහිපය තෝරා ගැනීම. ඕනෑම නිර්මාණයක් යනු අන්තර්ගතය හා ස්වරූපයක පැවැත්මේ ඒකීයත්වයයි. ඒ අනුව අදාල නිර්මාණ වෙන් වෙන් වශයෙන් හදුනාගත යුතුය. එවැනි ක්‍රියාධාමයකදී ශානරය ඉතා වැදගත් වේ. ප්‍රබේදයක් යන්න විෂය මූලික පදාර්ථයේ ඵෙතිහාසිකව ප්‍රකටවන නිශ්චිත ආකාරයක් ලෙස අර්ථකථනය කර ඇත. (වීරසිංහ, 2016). යම් ප්‍රබේදයක් එකවරම බිහිනොවන අතර, එය ක්‍රමිකව හා දීර්ඝකාලීන වශයෙන් වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඒ අනුව බලන විට මානව සංහතියේ ප්‍රථම සාහිත්‍ය ප්‍රබේදය වන්නේ පුරාණෝක්ති හා බැදුනු ජනගී, ජන කවි, ජන නැටුම් හා ජන නාට්‍ය ආදිය බවට හදුනාගත හැකිය. වර්තමානය වන විට සාහිත්‍ය කලාව හා මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රබේද හා ප්‍රබේද ව්‍යුහය ඉතා සංකීර්ණ ස්වභාවයකට පත්ව තිබෙන අතර, ඒවා අධ්‍යයනය කිරීමද සංකීර්ණ කටයුත්තක් බවට පත්ව තිබේ. මුද්‍රිත මාධ්‍ය සලකා බැලීමේදී කතු වැකිය, විශේෂාංග, තීරු ලිපි, කාටූන්, ඡායාරූපමය ප්‍රවෘත්ති, ආදි ව්‍යුහයන් පමණක් නොව, ඒවායේ සමාජ මාධ්‍ය සමඟ ඇති සම්බන්ධතාවද හදුනාගැනීමට සිදුව තිබේ. ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව ආදී සියළු ව්‍යුහයන් තුළ වඩාත් පුළුල් වූ තත්ත්වයන් නිරීක්‍ෂණය කළ හැකිය. මාධ්‍ය විචාරයේදී විචාරකයාගේ අවදානය යොමු විය යුතු ගතිකයන් කිහිපයක් හදුනා ගත හැකිය. 01. සෞන්දර්යාත්මක – කලාත්මක ගතිකය 02. සංහතික විඥාණය – දෘෂ්ඨීවාදී ගතිකය 03. ආර්ථික හා සාමාජීය 04. සංස්කෘතික හා අධ්‍යාත්මික කිසියම් මාධ්‍යයක ප්‍රබේද ව්‍යුහයන් අධ්‍යයනය කිරීම සහ ඒවා වර්ගීකරණය කිරීම ඉතා සංකීර්ණ හා බැරෑරුම් කටයුත්තකි. රූපවාහිනිය තුළ පමණක් නොව නූතන පුවත්පත තුළද පවතින්නේ එවැනි සංකීර්ණ තත්ත්වයකි. අධ්‍යයතනයේ පවතින විශේෂතා එම සංකීර්ණත්වයට හේතු වන අතර, සමාජ වෙනස්වීම්, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික සන්ධර්භයන්ගේ නිරූපණයේ නූතන ස්වභාවය, දෛනික පුද්ගල ජීවිතයේ ගතික හා ප්‍රවනතා සමඟ අවියෝජනීයව සම්බන්ධ වීමටත් විචාරකයාට සිදුව තිබේ. කෙසේ වුවද මාධ්‍ය තුළ ප්‍රබේද ව්‍යුහය නිශ්චිතව හා ගැඹුරින් හදුනාගැනීම තුළ උසස් නිර්මාණ සඳහා යම් පෙළඹවීමක් සිදුකළ හැකි බව පිළිගත් මතයයි. යථෝක්ත පාරාමිතීන් අනුව ශානරය යන ව්‍යුහය වඩාත් සක්‍රීය වන ආකාරය පැහැදිලි කර ගත යුතුය. චිත්‍රපටයක නම් එය විවිධ වූ අඩවිවල ක්‍රියාකාරීත්වයේ ස්වරූපය තීරණය කරන සංඥාවකි. ගතිකයකි. එමෙන්ම මාළිමාවකි. ඕල්මාක් රික් ශානර යන ප්‍රපංචය තුළ බහුවිධ අර්ථ සංස්ලේෂී වී තිබෙන ආකාරය පෙන්වා දෙයි. ඔහුගේ හැදින්වීම මඟින් ශානරයේ අනන්‍යතාව ක්‍රියාත්මක වන පෘතුල පරාසය පිළිබඳ අදහසක් අතිකර ගත හැකිය. එය ඔහු පියවර හතරකින් විස්තර කර තිබේ. 01. ශානරය නිශ්චිත සැකැස්මකි. (ඊකමැ ඡරසබඑ) කර්මාන්තයේ නිෂ්පාදන රටා, ඒවායේ භාවිත සමීකරණ මෙන්ම න්‍යායන් බිහිකර ගැනීම වැනි කාරණා මේ යටතේ සාකච්ඡා කර තිබේ. 02. ශානරය ව්‍යුහයක් ලෙස. (ීඑරමජඑමරු) කේවල චිත්‍රපටයත නිශ්චිත රාමුව, මෝස්තර සොයා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කරයි. 03. ශානර ලේබලයක් ලෙසද හදුනාගත හැකිය. (ඛ්ඉැක) ප්‍රවර්ධයන් සහ බෙදා හරින්නන් සඳහා නිශ්චිත ප්‍රවර්යක් සංනිවේදනය කිරීම යන්න මේ යටතේ සාකච්ඡා කරයි. 04. ශානරය ගිවිසුමක් යන වග. (ක්‍දබඑර්ජඑ) සැම චිත්‍රපටයකම ප්‍රේක්‍ෂකයින් සඳහා නැරඹුම් ස්ථානයක්, දැක්මක් පිළියෙල කිරීම යන්න මේ යටතේ විග්‍රහ කෙරේ. (ඍසජනල 2004). බොහෝ චිත්‍රපට ශානරවල මෙන්ම ශානරීය චිත්‍රපටවල ඒ ඒ ශානර වෙනම සලකා බලන විට, ඒවාට අවේණික අනන්‍යතා ලක්‍ෂණ විද්‍යාමාන වේ. බටහිර චිත්‍රපට ශානරය කෙරෙහි අවදානය යොමු කිරීමේදී මේ පිළිබඳ කරුණු ඉතා පහසුවෙන් හදුනාගත හැකිය. (භැකපිල 2004). 01. සිරිතක් ලෙස පවතින සටන් ක්‍රම, 02. හොඳ නරක නියෝජනය කරන සුදු හා කළු ඇදුම්, 03. පිළිගැනීම පිළිබඳ තේමාවන්, 04. විශේෂ ඇදුම් විලාසිතා, 05. දුෂ්ටයන්ගේ වර්ගීකරණයන් හා වීර චරිත, චිත්‍රපට පිළිබඳ තවදුරටත් විමසා බැලීමේදී ්‍යදඅ එද ඍැ්ා ් ත්‍සකපි යන නමින් ජෙම්ස් මොනාකෝ විසින් රචනා කරන ලද කෘතියද ඉතා වැදගත් වේ. උප ශානර පිළිබඳ එමගින් පුළුල්ව සාකච්ඡා කර ඇත. ඇමරකානු හොලිවුඩ් චිත්‍රපට ශාඛාව චිත්‍රපට ශානරකරණයට පොදුවේ සිදුකරන බලපෑම එමඟින් පුළුල්ව සාකච්ඡාවට භාජනය කර තිබේ. 01. වාර්තා චිත්‍රපටය, 02. ප්‍රබන්දය, 03. ප්‍රහර්ෂීය, 04. ප්‍රහසනය, 05. නාටකය, 06. බටහිර, 07. රහස් පරීක්‍ෂක, 08. සම්භාව්‍ය, (ඵදබ්ජදල 2000) චිත්‍රපට, රූපවාහිනි, ආදී මේ සියළු කාරණාවලදී වඩාත් පුළුල්ව විමසා බලන තවත් කාරණයක් වන්නේ, ශානරීය ප්‍රේක්‍ෂකයායි. විශේෂයෙන්ම චිත්‍රපටය වටා සිටින්නේ ශානරික ප්‍රේක්‍ෂකයෙකු බව වටහා ගැනීම ඉතා වැදගත් වේ. චිත්‍රපට නිෂ්පාදක, ආදී සියළු ධූරාවලීන්වලට පමණක් සීමා වී විචාරය කිරීම සාධාරණ නොවන අතර, එහිදී ප්‍රේක්‍ෂකයා දෙසින් නැගෙන ප්‍රතිචාර කෙරෙහිද අවදානය යොමු කිරීම ඉතා වැදගත්ය. ශානරීක ප්‍රේක්‍ෂාවේ මූලික අංග කිහිපයකි. 01. ශානරික ප්‍රේක්‍ෂාගාරය, 02. ශානරික නීති හා එකඟතා, 03. ශානරික ගිවිසුම්, 04. ශානරික ආකෘතිය, 05. ශානරික ඉච්ඡාභංගත්වයත්වය. (ඔයැ දංදෙරා ්‍යසිඑදරහ දf උදරකා ක්‍සබැප්ග 1991) ඉහත කාරණා පිළිබඳ විචාරකයින් මෙවැනි පැහැදිලි කිරීමක් සිදුකර ඇත. ,ශානරීක ලෙස පුහුණු වූ රසිකාගාරය ශානරීකෘත සංඥා විඥාණය කර ගැනීමට නම්, ශානර පද්ධතිය පිළිබඳ ප්‍රමාණවත් ඥාණනයකින් සමන්විය යුතුය. ශානරික ආශ්‍රයන් තිබිය යුතුවා සේම, ත්‍රාස්‍යජනක ආදී ශානරීකෘත චිත්‍රපට විදීමට හා එබදු චිත්‍රපට ඉවසීමටද ප්‍රාමාණික ලෙස කැපවිය යුතුය, යන්න එම පැහැදිලි කිරීමේ දැක්වේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව