More

    කොරෝනා ආසාධිතයින්ගේ ආහාරවේලෙනුත් ගසා කයි.

    Must read

    කොරෝනා ආසාධිතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇතැම් රෝහල්වලින් ලබාදෙන ආහාර සම්බන්ධයෙන් බරපතල ගැටළු නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. වරකාපොළ මූලික‌ රෝහලේ ප්‍රතිකාර ලබන ආසාධිතයින් මෙම ගැටළුවෙන් බරපතල පීඩාවට පත්ව සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. මෙම කාරණය සම්බන්ධයෙන් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතද පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත්, ඒම කරුණු සැලකිල්ලට ගනිමින් වරකාපොළ ප්‍රාදේශීය ලේකම්වරයා බලධාරීන් වෙත තොරතුරු වාර්තා කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිටික්ස් සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

    මේ අතර රෝගීන්ට ලබාදෙන ආහාරවල පිරිසිදුකම හා ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, පිටතින් හෝ ආහාර සපයා ගැනීමේ නොහැකිකම හමුවේ රෝගීන් කුසගින්නේම කාලය ගතකරන තත්ත්වයක් පවතින බවත් ඒම ආරංචි පැවැසුවා. මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සොයාබැලීමේදී අනාවරණ වූයේ කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරියෙකුටම අයත් හෝටලයකින් මෙම ආහාර සම්පාදනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. සෞඛ්‍ය බලධාරියෙකුට අයත් හෝටලයකට මෙම ආහාර සැපයුම් ඇනවුම බාරදීම තුළ මෙම අසාධාරණය සිදුවන බව වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළා.

    මේ සම්බන්ධයෙවන් පැමිණිලි ඉදිරිපත් වුවද ඒ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිසි ක්‍රියාමාර්ග නොගැනීම කණගාටුවට කරුණක් බවද කොරෝනා ආසාධිතව අසරණ වී සිටින රෝගීන් මතින් මෙවැනි ජාවාරම් සිදුකිරීම සොබාදහම පවා නුහුලන අපරාදයක් බවද රෝගීන් චෝදනා කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව