More

    ජිනීවා යළි ගොරවයි – හිස්බුල්ලා ගැනත් සැලකිල්ලක්.

    Must read

    ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, සමාලෝචනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය යළි අවධාරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත මේරි ලෝලර් ඇතුලු ඉහළ පෙළේ නියෝජිතයන් 07 දෙනෙකු විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී එම සංවිධානය රජයට දැනුම් දී තිබූ අතර, පසුගිය මානව හිමිකම් සැසිවාරයේදී ඒ පිළිබඳ දැඩිව කරුණු අවධාරණය කර තිබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයින් නැවතත් අවධාරණය කර ඇති තවත් කාරණයක් වන්නේ, අත්අඩංගුවේ පසුවන හිජාස් හිස්බුල්ලා දිගින් දිගටම රඳවාගෙන සිටීම ද බරපතල කාරණයක් ලෙස සැලකිය යුතුව ඇති බවයි.

    ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතල ආකාරයේ විමසිල්ලක් දැක්වීමට කාලය උදා වී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article