More

    රාසමානික්කම් ඇවිලූ ගින්න නිවා දැමීමට ජල බවුසරයක්.

    Must read

    නැගෙනහිර පළාතේ සිදුවන බව කියන අනවසර වැලි කැනීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් ක්‍රියාත්මකයි. මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු හෙළි කළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්කියන් මහතා විසින්. ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය හමුවේ දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බවයි.


    අදාල චෝදනාව මත පදනම්ව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස නැගෙනහිර පළාත් ආන්ඩුකාර අනුරාධා යහම්පත්, නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. එම පරීක්ෂණ ඉතා කඩිනමින් සිදුකර ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමුකරන බවයි ආණ්ඩුකාරවරිය සදහන් කළේ.


    මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා අවශ්‍ය වැලි සම්පාදනය කරගැනීම සදහා මෙම වැලි ජාවාරම සිදුකරන බව සානක්කියන් මන්ත්‍රිවරයා අවධාරණය කර තිබුණා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු ඊට සම්බන්ධ බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියද ඊට සහය ලබා දෙන බවත් රාසමානික්කම් සානක්කියන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව