More

    හිටපු නීතිපතිගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක්.

    Must read

    හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා. අප්‍රේල් 21 ප්‍රහාරය කුමන්ත්‍රණයක් මත සිදුවූ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ඇති බවයි ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ.


    ”ජනාධිපතිතුමා බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියලා පිරිසක් මහජන මතයක් ගොඩනගන්න හදනවා. පොලීසිය, ආරක්ෂක අංශ සෑහෙන්න දුරට මේ ගැන පරීක්ෂණ පවත්වලා තියෙනවා. උසාවියේ දැනට නඩු දාලත් තියෙනවා. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බොරු මතවලට රැවටෙන්න එපා. කාදිනල්තුමා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ මතය. ඒ කතෝලික බිෂෝප්තුමන්ලාගේ එකතුවට අපේ විමර්ශන නිලධාරීන් ගිහින් පැය 4ක් විතර කරුණු පැහැදිලි කිරීමක් කළා. අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියේ නෑ.” යනුවෙන්ද ආරක්‍ෂක ලේකම්වරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටක් ප්‍රකාශ කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article