More

    සමගි බලවේගයට ගහන්න එපා – යටි අරමුණක් හෙළි වෙයි.

    Must read

    සමගි ජනබලවේගය හෝ එහි නායකයින් හා ක්‍රියාකාරීන් හෝ විවේචනය නොකරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය අනුගාමිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පක්ෂයේ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ මෙම පණිවුඩය ගම්මට්ටමේ සිටින ක්‍රියාකාරීන් දක්වා රැගෙන යාමට පියවර ගන්නා ලෙසයි. පහරගැසීම් හා මඩ ප්‍රචාර මත පදනම්වූ දේශපාලනයක් බුද්ධිමත් ප්‍රජාව අපේක්ෂා නොකරන බවද ආර්ථිකය නගා සිටුවමින් රට ගොඩනගන වැඩපිළිවෙලක් වෙත අවතීර්ණ වීම සමස්ථ ජාතියේම අපේක්ෂාව වී ඇති බවද ඔහු අවධාරණය කර තිබෙනවා. එබැවින් පවතින තත්ත්වය හා යුගයේ අවශ්‍යතාව පක්ෂයේ නායකයින් මෙන්ම ගම් මට්ටමේ සිටින නියෝජිතයින්ද අවබෝධ කරගැනීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දී ඇති කාරණයයි.

    පක්ෂ කණ්ඩායම් හා පුද්ගලයින් විවේචනය කිරීමෙන් රටේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නැති බවද කළ යුතු වන්නේ රට වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු වැඩ කොටස සම්බන්ධයෙන් ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීම පමණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයෙකු සදහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා දුරදිග බලා උපදෙස් ලබාදෙන නායකයෙකු වන බවයි. වර්තමානයේ පවතින තත්ත්වයෙන් රට ගොඩගැනීම පිළිබද වූ රනිල් වික්‍රමසිංහ මහතා සතු බලාපොරොත්තු හා අපේක්ෂාවන් ඉතා පුළුල් පරාසයක විහිදී පවතින බවද පැවැසූ එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ සමගි ජනබලවේගය විවේචනය නොකරන ලෙසට වූ ඉල්ලීමද එම මහගු ව්‍යාපෘතියේම කොටසක් වීමට ද ඉඩ ඇති බවයි.

    ඒමෙන්ම දේශපාලන ආරංචි පෙන්වා දෙන්නේ 2024 ඉලක්ක වූ පුළුල් දේශපාලන වැඩපිළීවෙලක් බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජනබලවේගයේ කොටස්ද රජය නියෝජනය කරන ඇතැම් පාර්ශවද ඒම ප්‍රවාහය හා සම්බන්ධව සිටින බවද ඒම තොරතුරු අනාවරණ කළා. ඉදිරි මැතිවරණවලදී පුළුල්ව විහිදෙන මහා බලවේගයක් ගොඩනැගීම එහි ප්‍රධාන අරමුණ වන බවද ඒම තොරතුරු වැඩිදුරටත් අනාවරණ කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව