More

    පාසල් 3000 ක් කඩිනමින් විවෘත කරන ලකුණු.

    Must read

    පාසල් 3000 ක් කඩිනමින් විවෘත කිරීමට අදාලව නිර්දේශ ලබාදෙන්නැයි ජනාධිපතිවරයා අදාල තාක්ෂණික කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා. සිසුන් 100  අඩු ග්‍රාමීය පාසල් ආරක්ෂිත ක්‍රමවේද යටතේ විවෘත කිරීම සුදුසු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇති අතර, ඒම පාසල් කඩිනමින් විවෘත කිරීම වඩාත් සුදුසු බව ජනාධීපතිවරයාගේ යෝජනාවයි.

    ඒම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ සිසුන් හත් ලක්ෂයකට පමණ 2020 හා 2021 වසරවල ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණයෙන් මගහැරී ගොස් ඇති බවයි. එවැනිම සිසුන් පිරිසකට මුල් ළමාවිය අධ්‍යාපනයද මගහැරී ගොස් තිබෙනවා. මෙම තත්ත්වයන් කෙරෙමහි විශේෂයෙන් අවදානය යොමුවිය යුතු බව පෙන්වා දී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ, ග්‍රාමීය මට්ටමේ පවතින පාසල් පළමුව විවෘත කර අධ්‍යාපන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article