More

    තවත් නීති සම්පාදනයක්.

    Must read

    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිදුවන ජාවාරම් පාලනය කිරීම සදහා නව නීති සම්පාදනය කරන බව රජය පවසනවා. අදාල නීති ඇතුලත් විශේෂ කෙටුම්පතක් ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුහුණු ආවරණ, අත්සේදුම් දියර, සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල, ඔක්සිමීටර ඇතුළු බොහෝ භාණ්ඩ මේ වන විට ප්‍රමිති කාරණාවලින් තොරව වෙළදපොළ වෙත නිකුත්වන තත්ත්වයක් නිර්මාණය වී පැවැතීම මීට හේතුවයි.

    එමෙන්ම මෙම තත්ත්වයන් හේතුවෙන් රජයද බොහෝ අවස්ථාවල අපහසුතාවට පත්වන බවයි අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා පවසන්නේ. පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා පැවැසුවේ මෙම තත්ත්වය හා ජනතාව පත්වන අපහසුතාවන් සම්බන්ධයෙන් අවදානය යොමුකර නව නීති සම්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට රජය තීරණය කර ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව