More

    ලක්ෂ්මන්ට බාරවී තිබූ මහබැංකුව කබ්රාල්ට පවරයි.

    Must read

    රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සදුදා අමාත්‍යදුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීදුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු ආරංචි සදහන් කළේ ඒ බව කබ්රාල් මහතා විසින් දැනුම්දීමටද පියවර ගෙන ඇති බවයි.

    දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා මහබැංකු අධිපතිදුරයෙන් ඉවත්වන බව මේ වන විටත් දැනුම් දී අවසන්. දුක්බර කතාවක් සහිතව ඔහු එම දැනුම්දීම සිදුකිරීම සම්බන්ධයෙන්ද මේ වන විට සමාජය තුළ දැවැන්ත කථිකාවක් නිර්මාණය වී ඇති අතර, එය යම් තරමක ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමටද හේතුවී තිබෙනවා.

    කෙසේ වෙතත් පුරප්පාඩුවන මහබැංකු අධිපතිදුරයට නැවතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට නියමිතයි. රජය ගෙන ඇති තීරණයකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් මහතා නැවතත් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හවුල්කාර පක්ෂවල විරෝධය පලවී ඇතැයිද ඒම තොරතුරු අනාවරණ කළා.

    තත්ත්වය එසේ වුවද කබ්රාල් මහතා ලබන 14 හෝ 15 යන දෙදින තුළ මහබැංකු අධිපතිවරයා ලෙස වැඩබාරගැනීමට සැලසුම් කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article