More

    පොදු සන්ධානයක්

    Must read

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‌ප්‍රමුඛ රජයට එරෙහි පොදු සන්ධානයක් නිර්මාණය කිරීම සදහා දේශපාලන තිරය පිටුපස පුළුල් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. සමගි ජනබලවේගය, ඒක්සත් ජාතික පක්ෂය හා වමේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර මෙම සාකච්ඡා සිදුවෙමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    එමෙන්ම ඉදිරියේ එන කුමන හෝ මැතිවරණයකට ඒකී පොදු සන්ධානයෙන් තරගකළ යුතු බවටද අදාල නියෝජිතයින් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින බවද දේශපාලන ආරංචි පෙන්වා දෙනවා.

    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ පොදු සන්ධානයන් බිහිකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වුවද එය ක්‍රමානුකූල හා පිළිගත හැකි සම්ප්‍රදායන් වලට අනුව සිදුවිය යුතු බවයි. එබැවින් මේ දක්වා ඉදිරිපත් වී ඇති යෝජනා කෙරෙහි වඩාත් විමසිල්ලෙන් යුතුව අවදානය යොමුකරන බවත්, කිසිදු තීරණයක් සදහා හදිසි නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article