More

    පෝරකයට නියම වී සිටින 1000 ට නිදහස හිමිවෙයිද ?

    Must read

    මරණීය දණ්ඩනයට නියම වී සිටින රැදවූවන්ට නිදහස ප්‍රදානය කරන්නැයි ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අදාල ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, ඒම කමිටුව පෙන්වා දී ඇත්තේ මේ වන විට මරණීය දණ්ඩනයට නියම වී සිටින සිරකරුවන් ගණන 1000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    විවිධ සමාජ විෂමතා හේතුවෙන් ඔවුන් වැරදට පෙළඹී ඇතැයිද පෙන්වාදෙන සිරකරු අයිතාවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දී ඇත්තේ, සියළු දෙනාට සමානව සැලකීම ඉතා වැදගත්වන බවයි. මරණීය දණ්ඩනයට නියම වී සිටි දුමින්ද සිල්වා යන අයටද පොදු සමාව ප්‍රදානය කිරීම තුළ රැදවූවන්ද නොසන්සුන්තාවට පත්වූ බවද එම කමිටුව සිහිපත් කර තිබෙනවා. ඒබැවින් සමානාත්මතාවට මුල්තැන ලබාදෙමින් සෙසු පිරිසටද නිදහස ප්‍රදානය කිරීමට පියවර ගන්නා ලෙසයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව