More

    නැවතත් ගෑස් හිගයක් – මිල වැඩිවීමකුත් ඉල්ලයි.

    Must read

    ගෑස් මිල තවදුරටත් ඉහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වෙළදපොල ආරංචි පවසනවා. ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම වැනි තත්ත්වයන් හේතුවෙන් කර්මාන්තය පවත්වාගෙන යාම අපහසු බව ඒම සමාගස පෙන්වා දී ඇති කාරණයයි.

    මේ අතර ආනයනය කළ ගෑස් තොගයක් හම්බන්තොට වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවද බැංකු විසින් ණයවර පත් නිකුත් නොකිරීම එම අර්බුදයට හේතුවී ඇතැයිද ලාෆ්ගෑස් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

    මෙරට සමස්ථ ගෑස් පාරිභෝගිකයින්ගෙන් සියයට 20 ක කොටසක් ලාෆ්ගෑස් භාවිතා කරන අතර, පසුගිය කාලයේද ලාෆ්ගෑස් හිගයක් මතුවීම හේතුවෙන් ඒම පාරිභෝගිකයින් පීඩාවට පත්වුණා. අනතුරුව පසුගිය මස 12 දා වන විට කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරය රුපියල් 363 න් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදුන්නා. ඒ් අනුව රුපියල් 1493 කට අළෙවි වූ එම සිලින්ඩරය මේ වන විට අළෙවි වන්නේ රුපියල් 1856 ටයි.

    කෙසේ වෙතත් මතුවී ඇති තත්ත්වය හමුවේ නැවතත් ලාෆ් ගෑස් හිගයක් පවා ඇති වීමට ඉඩ ඇති බවද වෙළදපොල ආරංචි සදහන් කළා.

    More articles

    1 COMMENT

    1. කිසිම නීතියක් නැති පට්ටම රටක් තියේනම් මේ තියෙන්නෙ ඒක තමයි. ඇත්තටම රජයක් තියෙන එකේ තෙරුමක් නෑ. අපරාදෙ. කැමති විධියට වැඩ කරන්න නීති රාමුවක් ඕන නෑනෙ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව