More

    950 – ඇදිරිනීතිය ඉවත් කරන ඉලක්කමක්

    Must read

    දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කිරීමට නම්, දෛනිකව වාර්තාවන ආසාධිතයින් ගණන 950 සීමාවට පැමිණ තිබිය යුතු බව සෞඛ්‍ය අංශ රජයට දැනුම් දී තිබෙනවා. එසේ නොමැතිව රට විවෘත කිරීම සමාජය අනතුරකට යොමු කිරීමක්  බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති කාරණයයි.

    මේ වන විටත් දෛනික ආසාධිතයින් ගණන 2000 සීමාව ඉක්මවා යමින් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විවෘත කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සමස්ථ ලංකා වෛද්‍ය සංගමය අතුළු පාර්ශව ගණනාවක් විසින් පෙන්වා දී තිබෙනවා.

    මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට දැනුම් දී ඇති කාරණයක් වන්නේ, කොරෝනා නැවතත් බරපතල ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බවයි. සංචරණ සීමා හා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක මේ මොහොත වන විටත් ජනතාව රිසිසේ කටයුතු කරමින් සිටීමත්, සුපිරි වෙළදසැල් විවෘත කිරීම, සංචරණය වේගවත්ව සිදුවීම වැනි තත්ත්වයන් මෙම අවදානමට හේතුව බවද එම සංගමය පෙන්වා දී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article