More

    ඔළු ගෙඩි මාරු කිරීමෙන් විසදුම් නොලැබේ – මෛත්‍රිගෙන් සැර ප්‍රකාශයක්.

    Must read

    ඔළුගෙඩි මාරු කිරීමෙන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළා. ඔහු මේ බව කියා සිටියේ හිටපු මහබැංකු අධිපතිවරයාගේ ඉවත්වීමත් සමග මහබැංකු අධිපතිදුරයට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීම පිළිබද මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකරමින්.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට සමගාමීව පැවැති ලේ දන්දීමේ පිංකමකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවා.

    තම පාලනය සමයේද මහබැංකුවේ කටයුතු සිදු වූ අකාරය සම්බන්ධයෙන් යම් යම් ගැටළු පැනනැගුණ බවද ඔහු සිහිපත් කළා. කෙසේ වෙතත් කොරෝනා තත්ත්වය සමග ඇති වී තිබෙන නව ආර්ථික තත්ත්වයන් හා ගැටළු විසදා ගැනීම සදහා සුදුසුම ක්‍රමවේදය දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමක් පමණක් බවද පැවැසූ මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, පුටු මාරු කිරීමෙන් හා ඔළු ගෙඩි මාරු කිරීමෙන් මෙම ගැටළුවට විසදුම් සෙවීම සාර්ථක ක්‍රමවේදයක් නොවන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article