More

    පාස්කු ප්‍රහාරයට අදාල නඩුවත් බ්ලාස්ට් වෙයිද ? හෙළිදරව්වක්.

    Must read

    ආණ්ඩුව ‌ගෙනයන වැඩපිළිවෙළ හමුවේ අප්‍රේල් 21 ප්‍රහාරයට අදාල සම්පූර්ණ නඩුවම විසිවීමේ අවදානමක් මතුවී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව සිය හිතවතුන් බේරා නඩු පැවරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

    කාදිනල් හිමියන් ඉල්ලන්නේ එක් කාරණයක් පමණක් බවද, ඒ කොමිසම් වාර්තාවේ නම් සදහන් පුද්ගලයන්ට ‌එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස එතුමන් ඉල්ලන ප්‍රධානම කාරණය බවද ඔහු සිහිපත් කළා.  එමෙන්ම අධිකරණය මගින් එම කටයුත්ත සිදු කළ යුතු බවද පැහැදිලි කළ කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ, ජනාධිපති කොමිෂමේ නිර්දේශ හරිද වැරදිද යන්න රජයට හෝ පොලිසියට හෝ වෙනත් පාර්ශවවල‌ට තීරණය කළ නොහැකි බවයි. එම කාරණා සම්බන්ධයෙන් තින්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ අධිකරණයට පමණක් බවද ඔහු අවධාරණය කළා.

    කෙසේ වෙතත් වර්තමානයේ ක්‍රියාත්මක වැඩපිළිවෙල තුළ මුළු නඩුවම බ්ලාස්ට් විය හැකි බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article