More

    සන්ෂයින් සුද්දා මරා දැමීම පිටුපස පෙම් පටලැවිල්ලක්.

    Must read

    සන්ෂයින් සුද්දාගේ ඝාතනය පිටුපස අනියම් පෙම් පටලවිල්ලක්ද තිබෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස සන්ෂයින් සුද්දාගේ අනියම් බිරිදගේ සැමියා අද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ප්‍රශ්න කිරීම සදහා කොටවිල පොලිසිය වෙත බාරදී තිබෙනවා. අදාල වැටලීම සිදුකර තිබුණේ මාතර දිස්ත්‍රික් අපරාධ විමර්ශණ ඒකකයයි.

    ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ පසුගිය 03 දා වෙඩි තබා ඝාතනය කර තිබුනා.

    මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර කිසියම් පිරිසක් ඔහුට මාතර කොටවිල ප්‍රදේශයේදී වෙඩි තබා ඇති බවයි අනාවරණ වී තිබුණේ.

     “සන්ෂයින් සුද්දා“ සහ ඔහු සබඳතා පැවැත්වූ  බව කියන කාන්තාවක් පදිංචිව සිට ඇත්තේ මිරිස්ස ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් හෝටලයකයි.  එම කාන්තාවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට අවශ්‍ය ආහාර රැගෙන ඒම සඳහා ඔහු ඇයගේ වරකාපිටිය නිවසට ගොස් ඇති බවත්, නැවත එම නිවසෙන් පිටත්ව සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර මාතර, කොටවිල වරකාපිටිය මහා විද්‍යාලය අසලදී වෙඩි තබා තිබූ බවත් පොලිසිය පැවැසුවා.

    එම පාසල ආසන්නයේ ඇති කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු අමිල ප්‍රසන්නට වෙඩි තබා ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.

    සන්ෂයින් සුද්දා සබඳතා පැවැත්වූ කාන්තාවට මීට සතියකට පමණ පෙර ඇමතුමක් දී ඔහුව මරාදමන බවට කිසියම් අයකු කළ තර්ජනයක් ඇතුළත් හඬපටයක්ද පොලිසිය වෙත ඉදිරිපත් වී තිබූ අතර, ඊට අදාලව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි තවත් සන්ෂයින් සුද්දාගේ අනියම් බිරිදගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

    29 හැවිරිදි අමිල ප්‍රසන්න හෙවත් සන්ෂයින් සුද්දා දකුණු පළාතේ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ වී සිට ඇතැයි ද පොලිසිය පැවැසුවා. සැකකරුට එරෙහිව මේ වනවිටත් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම ඩුබායි හි අධිකරණයකද නඩු විභාග වෙමින් ඇති බවයි පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article