More

    පළමු දිනයේම ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා.

    Must read

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයට සමගාමීව ශ්‍රි ලංකා රජය විසින් පිටු 14 න් සමන්විත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒම වාර්තාව සියළුම සාමාජික රටවල් වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සම්පාදනය කර ඇති එම වාර්තාවෙන් කරුණු පැහැදිලි කර ඇත්තේ මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලියට අදාලව මේ දක්වා අනුගමනය කර ඇති හා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් හා ක්‍රියාමාර්ග පිළිබදයි.

    කෙසේ වෙතත් අද ආරම්භ වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් විමසා බැලීමට තමන් සූදානමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අවධාරණය කර තිබුණා. ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඒ් සම්බන්ධයෙන් පුළුල් විමසා බැලීමක් සිදුකළ යුතුව ඇති බවද ඇය අවධාරණය කර තිබුණා. සැසිවාරායේ ආරම්භක දිනය වන අද දිනයේදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමටක් සිදුකිරීමටයි මහකොමසාරිස්වරිය සූදානමින් සිටින්නේ.

    මේ අතර පසුගිය සැසිවාරවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් නිර්දේශ නිසි ලෙස ක්‍රියාත්මක කර තිබේද ? ඒ්වායේ ප්‍රගතිය කෙබදුද ? යන කාරණා සම්බන්ධයෙන් පුළුල්ව කරුණු විමසා බැලීමට නියමිත බවද ජිනීවා වාර්තා ප්‍රකාශ කළා.

    කෙසේ වෙතත් රජය පවසන්නේ ජාත්‍යන්තරයට පදනම් විරහිත කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට උත්සාහ කරමින් සිටින බවයි. එහෙත් සත්‍ය පැහැදිලි කරමින් ජාත්‍යන්තරය දිනා ගැනීමේ ක්‍රියාවලියක් වෙත අවතීරණ වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව