More

    ඉවසුවා ඇති – රනිල් කැත්ත අතට ගනියි.

    Must read

    දේශපාලන වෙනසක් රටට අත්‍යාවශ්‍ය බැවින් දැන සිට ජනතාව දැනුම්වත් කිරීමේ පුළුල් වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒම වෙනස ඇති කිරීමට පෙර වෙනසක් අවශ්‍ය බවත් රටේ ආර්ථිකය ඇතුළු සියළු අංශ පරිහාණියට පත්වීමේ අයහපත් තත්ත්වය පිළිබද ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගත යුතු බවත් පක්ෂ නායකයා සිය නියෝජිතයින් වෙත පවසා තිබෙනවා. ඒ් අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීයී.

    ඒ අනුව පක්ෂයේ 75 වන සංවත්සරයට සමගාමීව ඔන්ලයින් සමුළු පවත්වමින් එම දැනුම්වත් කිරීම සිදුකළ යුතු බවද ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙල කඩිනමින් සම්පාදනය කළ යුතු බවද ඔහු කර ඇති දැනුම්දීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනය යෙදෙන ලබන සිකුරාදා සිට මෙම සමුළු ආරම්භ කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මහලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

    පක්ෂ සම්මේලනය අවසානයේ සමස්ත රටම ආවරණය වන පරිදි ඔන්ලයින් සමුළු 75 ක් පැවැත්වීමට නියමිතයි.

    එම වැඩපිළිවෙලට සමගාමීව පක්ෂයට නව සාමාජිකයින් බදවා ගැනීමේ වැඩපිළීවෙලද ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව දේශපාලන යාන්ත්‍රණය පුළුල් කිරීමටත් පියවර ගන්නා ලෙස ඔහු වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article