More

    ආණ්ඩුවට තදින් වැදුනු තිස්සගේ විවේචනය

    Must read

    සමස්ථ දේශයම දරුණු තත්ත්වයක් වෙත ගමන් කරමින් ඇති බව, ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අවධාරණය කළා.

    හදිසි නීතිය පනවමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළීවෙල නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ඉන් යම් සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකි වුවද ඉතිහාසයේ අත්දැකීම් අනුව, මේ මොහොතේ කියන කතා සැබෑවට කෙරෙන දේවල් ලෙස අනුමාන කළ නොහැකි බවයි ඔහු පවසන්නේ. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින්.

    රජයේ බදු ප්‍රතිපත්තියද කිසි සේත්ම අනුමත කළ නොහැකියි. ඒමෙන්ම රජයේ දෙපාර්තමේන්තුවල වියදම කපා හැරීම තුළ ව්‍යාපෘති නතර වෙනවා. ඒ වගේම ව්‍යාපෘති නතරවීම තුළ ජනතාවට රැකියා අවස්ථා අහිමිවනවා. යැයිද ඔහු පෙන්වා දුන්නේය.  

    වියදම කපා හරින ලෙස රජයේ දෙපාර්තමේන්තු දැනුවත් කිරීමටද රජය පියවර ගෙන ඇති බවත්, එම නියෝග අනුව ව්‍යාපෘති නතර කිරීමට සිදුවන බවද පැවැසූ විතාරණ මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවට රැකියා අවස්ථා අහිමිවීම වැනි තත්ත්වයන්ද ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි. එය දරුණු තත්ත්වයක් රටතුළ නිර්මාණය කිරිමට හේතු විය හැකි බවද ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව