More

    දුමින්ද නිදහස් කිරීම වැරදියි – ජිනීවා කොමිෂමෙන් රතු එළි.

    Must read

    ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනය කරමින් අද රැස්වූ ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඒම කොමිෂමේ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අදහස් දැක්වූවා. හදිසි නීති රෙගුලාසි ඇතුලු ශ්‍රී ලංකාවට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් ඇය දැක්වූයේ දැඩි අප්‍රසාදයක්.

    ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී අද ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයයි. කොරෝනා තත්ත්වය හේතුවෙන් සමුළුව පැවැත්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේයි.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිචෙල් බැචලේ මහත්මිය අවධාරණය කළේ නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කරන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළින් නිරික්ෂණය වන බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව දීම වැනි කාරණා ඇය ඊට උදාහරණ ලෙස ඉදීරිපත් කළා.

    එමෙන්ම 2008-2009 කාලසීමාවේදී පැහැරගැනීමට ලක්වූ තරුණයන් 11 දෙනෙකු ට එරෙහි නඩු විභාගය ඉදිරියට ගෙන යෑමට පියවර නොගැනීමේ නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයද ඇය දැඩිව විවේචනය කළා.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයට සමගාමීව ශ්‍රි ලංකා රජය විසින් පිටු 14 න් සමන්විත වාර්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව සියළුම සාමාජික රටවල් වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සම්පාදනය කර ඇති එම වාර්තාවෙන් කරුණු පැහැදිලි කර ඇත්තේ මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලියට අදාලව මේ දක්වා අනුගමනය කර ඇති හා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් හා ක්‍රියාමාර්ග පිළිබදයි.

    කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි. ඒ් සම්බන්ධයෙන් පුළුල් විමසා බැලීමක් සිදුකළ යුතුව ඇති බවද ඇය අවධාරණය කර තිබුණා. මේ අතර පසුගිය සැසිවාරවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් නිර්දේශ නිසි ලෙස ක්‍රියාත්මක කර තිබේද ? ඒ්වායේ ප්‍රගතිය කෙබදුද ? යන කාරණා සම්බන්ධයෙන් පුළුල්ව කරුණු විමසා බැලීමට නියමිත බවද ජිනීවා වාර්තා ප්‍රකාශ කළා.‍

    කෙසේ වෙතත් රජය පවසන්නේ ජාත්‍යන්තරයට පදනම් විරහිත කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට උත්සාහ කරමින් සිටින බවයි. එහෙත් සත්‍ය පැහැදිලි කරමින් ජාත්‍යන්තරය දිනා ගැනීමේ ක්‍රියාවලියක් වෙත අවතීරණ වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article