More

    වෙරි මතේ වැනි වැනී එල්ලුම් ගහ ළගට ගිය රාජ්‍ය ඇමැති ?

    Must read

    අධික ලෙස බීමත්ව ගිනි අවියක්ද අතැතිව ඒල්ලුම් ගහ බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයෙක් පිළිබද පුළුල් සංවාදයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. අදාල රාජ්‍ය ඇමැතිවරයා සිය මිතුරන්ට එල්ලුම්ගහ ‌පෙන්වීමට අවශ්‍ය බවත් ඊට බාධා නොකරන්නැයි බන්ධනාගාර නිලධාරින්ට තර්ජනාත්මකව පවසා ඇති බවත් බන්ධනාගාර තොරතුරු අනාවරණ කර තිබෙනවා.  බීමත්ව, බලහත්කාරයෙන්, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇති මේ ඇමැතිවරයා කවුරුන්ද ? එම විමසීමට කිසිවෙකු නිසි පිළිතුරු ලබානොදීමද විශේෂයෙන් අවදානයට යොමු විය යුතු කාරණයක්.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා ඇත්තේ, තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

    බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් හෝ බන්ධනාගාර තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබද අවදානයෙන් පසු නොවන්නේදැයි සමාජය ප්‍රශ්න කරමින් සිටිනවා. බීමත්ව, කොට කලිසම්වලින් සැරසී, බීමත් මිතුරන්ද සමග ගිනිඅවි රැගෙන බන්ධනාගාරයක් තුළට ඇතුළු විය හැක්කේ කාටද ? ඒහෙත් වත්මන රාජ්‍ය අමාත්‍යවරුන්ට ඒ සදහා හයියක් ලැබුණේ කෙසේද ? එමෙන්ම එවැනි තත්ත්වයන් පිළිබද බන්ධනාගාර නිලධාරින් නොදන්නා බව කියන්නේ ඇයි ?

    මේ ආදී ප්‍රශ්න සමාජය දෙසින් ඉදිරිපත් වෙමින් තිබේ. බන්ධනාගාර තොරතුරු අනාවරණ කළේ  අධික බීමතින් සිටි රාජ්‍ය ඇමැතිවරයාගේ මිතුරන් වෙරි මතින් බිම ඇද වැටුණු බවයි. එවැනි තොරතුරු බන්ධනාගාරයෙන් වාර්තා වෙද්දී බන්ධනාගාර නිලධාරින් ඒ පිළිබද මුනිවත රකිමින් සිටින්නේ කුමන හෝ බලපෑමක් නිසාද ?

    එමෙන්ම එල්ලුම ගහ බැලීමට අවසර ලබාදිය නොහැකි බව බවසා ඔවුන් ආපසු පිටත් කර යැවීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ගිනි අවි පෙන්වා අදාල රාජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ පිරිස තර්ජනය කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව