More

    නිරෝධායනයේ නාමයෙන් දැවැන්ත ගසාකෑමක්.

    Must read

    විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හොටල් තුළ නිරෝධායන ක්‍රියාවලියකට යොමුකරමින් ගසා කෑමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. විදේශයන්හිදී පැය 72 ක කාලයක් තුළ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පැමිණෙන ගුවන් මගීන් කටුනායකදී පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර පිටව යාමට ඉඩ නොදී ඔවුන් හෝටල් නිරේධායනය සදහා යොමු කරන පදනම පැහැදිලි කිරීමට සෞඛ්‍ය බලධාරීන්ටද හැකියාවක් ලැබී නැහැ.

    එමෙන්ම වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ එම මගීන්ගේ පීසීආර් පරීක්ෂණ පැය 3 – 4 ක් වැනි කාලයක් තුළ සිදුකරදීමේ හැකියාවක් පවතින බවයි. එමෙන්ම උසස් තත්ත්වයේ රසායනාගාරයක් කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත කර ඇති බැවින් එම වැඩපිළීවෙල තවත් පහසුකරවන බවද ඔහු පැවැසුවා. එතරම් පහසුකම් සහිත අවස්ථාවක ගුවන් මගීන්ගෙන් අසීමිත ලෙස මුදල් අයකරමින් හෝටල් නිරෝධායන ක්‍රියාවලියක් දියත් කර තිබීම කණගාටුවට කාරණයක් බවයි කුමුදේශ් මහතා පැවැසුවේ.

    එමෙන්ම තැරව්කරුවන් සහිත ජාවාරමක් බවට පත්ව ඇති මෙම ව්‍යාපාරයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින්ගේද සම්බන්ධයක් පවතින බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ. මාර්ගෝපදේශ නිකුත් කිරීමේ සිට එම වැඩපිළීවෙල සැලසුම් කෙරෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.

    හෝටල් නිරෝධායනය සදහා තනි කාමරයකට එක් පුද්ගලයෙකුගෙන් එක් දිනයක් සදහා අයකරන මුදල රුපියල් 35000 ට ආසන්නයි. එමෙන්ම එක් කාමරයක දෙදෙනෙකු සදහා අයකරන ගාස්තුව රුපියල් 45000 ට ආසන්න බවටද තොරතුරු වාර්තා වනවා. පරීක්ෂණ ගාස්තු ලෙස තවත් රුපියල් 8000 ක් අය කරන බවද එම ආරංචි පැවැසුවා.

    පීසීආර් පරීක්ෂණ සදහා යොමුකර අදාල පුද්ගලයින් නිදහස් කිරීමට හැකියාව තිබියදී සෞඛ්‍ය හා සෙසු වගකිව යුතු අංශවල බලධාරීන් මෙවැනි ආකාරයේ ක්‍රියාවලියක නිරත වන්නේ සැබෑ ලෙසම මුදල් ගසා කෑමේ අරමුණින්ම බව දැන් පැහැදිලිය. එමෙන්ම එම ක්‍රියාවලිය සදහා සිය හිතවතුන්ගේ හෝටල් ලබාගෙන තිබීමද විශෞෂයෙන් විමසා බැලිය යුතු තවත් කාරණයක්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව