More

    පොලිසියකට යක්ෂ ආවේෂයක්. (වීඩියෝ සහිතයි)

    Must read

    යතුරුපැදිකරුවන් පිරිසක් වත්තල අවරකොටුව ගෑස් පාර වැලිකන්ද යන ස්ථානයේ දී පොලිස් නිලධාරීන්ගෙන් පහර කෑමට ලක්වන ආකාරයේ දර්ශන කිහිපයක් නිකුත් වී තිබෙනවා. පොලු යොදා ගනිමින් එඑම පහරදීම සිදුකරන ආකාරය නිරීක්ෂණය වී ඇති බවයි පැමිණිලිකරුවන් පවසන්නේ.

    එමෙන්ම එම පිරිසට අදාළ නොවන පුද්ගලයින් ද පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. පහරදීමේ සිදුවීම් පටි ගත කෙරූ ජංගම දුරකථන ද එම නිලධාරීන් විසින් විනාශ කිරීමට කටයුතු කර ඇති බවත්, ඇතමුන්ගේ රියදුරු බලපත්‍ර පොලිස් නිලධාරීන් විසින් කඩා විසි කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි පවසනවා.

    යතුරුපැදිවලටද අදාල පොලිස් නිලධාරීන් විසින් හානිසිදුකර ඇති අතර, ඇතැමුන් පැමිණි වෙනත් වාහනවලට ද පහර දී ඇති බවයි මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක දැක්වෙන්නේ.

    පහර කෑමට ලක්වූ කීප දෙනෙක් මේවන විට රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්, මෙම සිදුවීමෙන් අමරින් මිල්රන්, සවින් රුක්ශාන් හා අබ්දුල් රහමන් යන අය තුවාල ලබා ඇති බවත් එම පැමිණීල්ලේ දැක්වෙනවා.

    රටක නීතියක් තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට මැරයින් ලෙස කටයුතු කිරීමට නොවන බවත්, අපරාධ නීතිය යටතේ වරදකරුවන්ට සමාව ලබා දෙන රටක, රටේ නිරෝධානය නීතිය හා රථවාහන නීතිය සම්බන්ධයෙන් සාමාන්‍ය තරුණයාට/පුරවැසියාට නීතිය ක්‍රියාත්මක කිරීම මෙතරම් බිහිසුණු වන්නේ ඇයිදැයි පැමිණිලිකරුවන් පොලිස්පතිවරයාගෙන් විමසා තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති හා සමාජ ක්‍රියාකරිකයෙකු වන චිරන්ත අමරසිංහ,
    මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ පැමිණිල්ල පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව