More

    බලවත් අන්තවාදී ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්.

    Must read

    රට කම්පාකරන ආකාරයේ අන්තවාදී ප්‍රහාරයක් නැවතත් එල්ල වීමට ඉඩ කඩ පවතින බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අනතුරු ඇගවීමක් සිදුකළා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකය පුරා මේ වන විට ඉස්ලාම් අන්තවාදී සංවිධාන 30 ක් පමණ ක්‍රියාත්මක වන බවයි. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක මෙම අන්තවාදයේ බලපෑම ශ්‍රී ලංකාවට පොදුවූ සාධයක් වෙමින් පවතින බවත්, එබැවින් ඉදිරියේදී කුමන හෝ මොහොතක බලවත් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

    ශ්‍රී ලංකාවේ තරුණයින් සන්නද්ධ පුහුණුව සහිතව අන්තවාදයේ අවශ්‍යතා ඉටුකිරීමට සූදානමින් සිටින බවද පැවැසූ උන්වහන්සේ කියා සිටියේ අප්‍රේල් 21 ප්‍රහාරයේ මහමොලකරුවන් පිලිබද සාකච්ඡාව සිදුවන මේ මොහොතේදීද අන්තවාදයේ අනතුර ගිලිහී ගොස් නොමැති බවයි. මතවාදී ක්‍රියාකාරීත්වයක් සහිත මෙම අන්තවාදය ඉතා අනතුරුදායක බවද මේ වන විටද තමන් වහන්සේට බොහෝ කරුණු ලැබී ඇති බවද කියා සිටි ඥාණසාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේ ඒ සියළු තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබාදීමට ද පියවර ගෙන ඇති බවයි.

    හිරු නාළිකාවේ සලකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මෙම හෙළිදරව්ව සිදුකර තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව