More

    රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙකුට රවීගෙන් ගිය එන්තරවාසිය.

    Must read

    සාවද්‍ය ප්‍රකාශයක් මගින් තම කීර්තිනාමයට සිදුකළ  හානිය සම්බන්ධයෙන් හිටපු  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ ප්‍රකාශය සිදුකළ රාජ්‍ය අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති අතර, අදාළ සාවද්‍ය ප්‍රකාශය මගින් තම කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුලත රු. මිලියන 200  බැගින්, මිලියන 400 ක වන්දි මුදලක් ලබාදෙන ලෙස එම පාර්ශවයන් වෙත දැනුම් දී තිබේ.

    මෙසේ රවී කරුණානායක මහතා විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියට විරුද්ධවය.

    පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සීනි සදහා බදු අඩු කිරීම,  සීනි ආනයනය/ ගබඩාකරණය  වංචනික ලෙස සිදුකිරීම, ලගම මිතුරන් සහ සමාගම් වලට සීනි ආනයනය වෙනුවෙන්  තම ගබඩා පහසුකම් ලබාදීම ආදී වංචනික ක්‍රියාවන් රැසක් සිදුකළ බවට පවසමින්,  2021.08.07 දින දෙරණ නාලිකාවේ විකාශය වූ වාදපිටිය වැඩසටහනට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාස සිදුකර ඇති අතර, ඒ හා සමාන සාවද්‍ය චෝදනාවන් ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක  මහතා විසින් 2021.08.05 දින හිරු නාලිකවේ ප.ව. 6.55  ප්‍රවෘත්ති විකාශයන්හිදී  හිටපු අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානිවන පරිදි ප්‍රකාශයන් සිදුකර තිබේ.

    මෙසේ පදනම් විරහිත සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා හුදෙක් ජනතාව නොමගහැරීමේ අභිලාශයෙන් සිදුකල අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් පුද්ගලික වශයෙන් හා දේශපාලනමය වශයෙන් හිටපු අමාත්‍යවරයාගේ කීර්තිනාමට බලවත් හානියක් සිදුවූ අතර එමගින් ඒ මහතාගේ මානසිකත්වයටද එල්ල වී ඇත්තේ දැඩි ප්‍රහාරයකි.

    රවී කරුණානායක මහතාගේ දියණියට අයත් සමාගමක් වෙතද පසුගියදා මෙවැනිම අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් වූ අතර එම චෝදනා සියල්ල සාවද්‍ය බවට තහවුරු කරමින් එම සමාගම මගින් මාධ්‍ය වෙත නිවේදනයන්ද නිකුත්කර තිබියදීත්, නැවත නැවත මේ ආකාරයෙන් දූෂමාණ ප්‍රචාරයන් මුදාහැරීම මගින් හිටපු අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ පවුලේ කීර්තිනාමය වෙත දැඩි  බලපෑමක් එල්ලවී ඇති අතර එයින් ඔවුන් ලැබූ මානසික පීඩනය ඉතාමත් දැඩිය.

    අදාළ හානිය වෙනුවෙන් එක් අයෙකුගෙන් රු. මිලියන 200  බැගින් රු. මිලියන 400 ක වන්දියන් ඉල්ලා එන්තරවාසි යොමුකිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර, දෙසතියක් ඇතුලත අදාළ වන්දි මුදල් නොලැබුණහොත්, ඔවුනට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගැනීමටද නියමිතය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව