More

    තහනම් කළ ඖෂධ සමාගම් හා ෆාමසි 4500 ක තොරතුරුත් සැගවෙයි.

    Must read

    ඖෂධ නියාමන අධීකාරියේ මැකී ගිය දත්ත අතරට දිවයින පුරා පිහිටි ඖෂධ වෙළදසැල් 4500 ක තොරතුරු ද ඇතුලත් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි පවසනවා. ඖෂධ අළෙවිසැල් සම්බන්ධයෙන් වූ සියළු තොරතුරු ඊට ඇතුලත්. එමෙන්ම තහනම් කරන ලද ඖෂධ අළෙවිසැල් හා ඒවාට ඒරෙහි ක්‍රියාමාර්ගද ඇතුළු සමස්ථයද මැකී ගොස් ඇති බවත්, තහනම් කරන ලද ඖෂධ ආනයන සමාගම්වල තොරතුරුද ඊට ඇතුලත් බවත් එම වාර්තාවල දැක්වෙනවා.

    කෙසේ වෙතත් මේ වන විට එම දත්ත නැවැත සපයා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. ඊට අදාල ලිපිගොනු එක්රැස් කිරීමේ විශේෂ හා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි ඒෟෂධ නියාමන අධිකාරියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

    දත්ත මකා දැමීමේ ක්‍රියාවලියට ඖෂධ ආනයනය කර නීති විරෝධී ලෙස මුදල් රැස්කරන මාෆියාකරුවන්ගේ සම්බන්ධයක් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණය වෙත දැනුම්දී තිබුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව