More

    හොරු වගේ ගෙවල්වලට පැන රජය වී තොග කොල්ල කනවාලු.

    Must read

    හොරු පනිනවා සේ ගෙවල්වලට ඇතුළු වී බලහත්කාරයෙන් වී පැහැරගෙන යන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, රජය විසින් මෙම කොල්ලකෑම සිදුකරන බවත්,මැදිරිගිරිය වටදාගෙය භාරකාර මොරගොල්ලාම සීවලී හිමියන් අවධාරණය කළා.

    මැදිරිගිරිය මණ්ඩලගිරිය රාජමහා විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැදවමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, මුළු රටේම ගොවි ජනතාව බලවත් අර්බුදයකට පත්ව සිටින මොහොතක මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම රජයක වගකීම නොවන බවයි. කණ කර පවා උකස් කර ගොවිතැන් කරන මොහොතක නෙලා ගත්ත අස්වනු නිසි මිලකට ලබා දීමට නොහැකි වී ඇති බවත් එම තත්ත්වය හේතුවෙන් ඔවුන් සිය අස්වනු නිවෙස්වල ගබඩා කර ඇති බවත් උන්වහන්සේ පැවැසුවා.

    සිය අස්වැන්න සාධාරන මිලකට අළෙවි කරගැනීම ගොවියාගේ අපේක්ෂාව බවද පැවසු උන්වහන්සේ අවධාරණය කළේ  නාඩු වී වලට අඩු තරමින් රුපියල් 65ක් සම්බාවලට රුපියල්75 ක් කීරි සම්බා සඳහා රුපියල් 90 ක් වශයෙන් මිල නියම කරමින් වී මිලදී ගැනීමට රජය කටයුතු කල යුතුව ඇති බවයි.

    රටපුරාම ආන්දෝලන මැසිවිලි පවතින වෙලාවක අහිංසක මිනිහත් ගොවියත් බේරා ගැනීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙසයි මැදිරිගිරිය වටදාගෙය භාරකාර මොරගොල්ලාම සීවලී හිමියන් රජයෙන් ඉල්ලා සිටියේ.  

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව