More

    කබ්රාල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට පෙත්සමක්.

    Must read

    බැඳුම්කර හා සේවක අර්ථසාධක අරමුදල් වංචාකල, ලබැඳියාවන් අතර ගැටුම් සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් මැන්ඩමූස් ආඥාවක් (Writ of Mandamus) නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කොළඹ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළා.

    ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තා ගණනාවකට සම්බන්ධ පාර්ශවයන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට නැවත පත් කිරිම මගින් අපරාධමය වරදකට සම්බන්ධ මහ බැංකුව සතු සාක්ෂි විනාශ කිරීමට, වෙනස් කිරීමට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාවක් හිමිවන බවද පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා. කීර්ති  තෙන්නකෝන් මහතා පෙන්වා දී ඇත්තේ මහ බැංකුවේ සිදුව ඇති මහ පරිමාණ දුෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර එයට සම්බන්ධ පාර්ශවයන්ට නඩු පැවරීම මේ මොහොතේ සිදුකළ යුතුම කාර්යයක් වන බවයි.

    ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව නීති මගින් කටයුතු කරන ලෙස නියෝග කරමින් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට මැන්ඩමූස් ආඥාවක් නිකුත් කරන ලෙස කීර්ති තෙන්නකෝන් මහතා මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

    වෝහාරික විගණන වාර්තාවෙන් අති විශාල චෝදනා සංඛ්‍යාවක් එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද,  මුදල් පනතේ 12 වගන්තිය අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ කිසිදු තනතුරක් සඳහා පත් කිරීමෙන් වලකින ලෙස ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යවරුන්ට නියෝග කරන ලෙසද  පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙත්සම වෙනුවෙන් පෙනී සිටි බවයි අප අධීකරණ වාර්තාකරු පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව