More

    කළකිරීම් ඉහළට – අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීරණ

    Must read

    වර්තමාන දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි වඩාත් අවදියෙන් යුතුව සිටින බවත්, ගත යුතු විකල්ප වෙත අවතීර්ණ වීමට පසුබට නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පෙන්වා දෙන්නේ වර්තමාන ක්‍රියාකාරීත්වය තුළ ප්‍රබල වෘත්තිකයින්ද රාජ්‍ය සේවය අතහැර යන තත්ත්වක් නිරීක්ෂණය වන බවයි.

    මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ලක්ෂ්මන් මහතාද එලෙස ඉල්ලා අස්වූ බවත්, වනඅලි කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළු මත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉෂිනි වික්‍රමසිංහ වැනි අයද ඉල්ලා අස්වූ බවත් ඊට උදාහරණ ලෙස ඔහු ඉදිරිපත් කලා.

    එමෙන්ම කොරෝනා තත්ත්වය කළමනාකරණය කිරීමට පත්කර ඇති කමිටු සාමාජිකයින්ද දිනෙන් දින ඉල්ලා අස්වන තත්ත්වයක් නිරීක්ෂණය වන බවද පියදාස මහතා පැවැසුවා.

    උගතුන්ට බුද්ධිමතුන්ට අවස්ථාව ලබාදී රට ගොඩනගන බවට ලබාදුන් පොරොන්දු එකිනෙක බොදවී යන තත්ත්වයක් පවතින බවද පැවැසූ රෝහණ ලක්ෂන් පියදාස මහතා පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය කිසිවෙකු බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බවයි.

    එබැවින් මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටින බවද රට වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට පසුබට නොවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව