More

    රස්නේ වැඩියි – ඉන්න අමාරුයි

    Must read

    රස්නය වැඩියි… මට ඉන්න අමාරුයි… කරුණාකරලා විදුලි පංකාවක් ලබාදෙන්නැයි බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුධීන් මන්ත්‍රීවරයා බන්ධනාගාර පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු වාචිකව හා ලිඛිතව මෙම ඉල්ලීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    විශේෂ ඝණයේ රැදවියන් රදවා සිටින වට්ටුවේ වෙනම සිරමැදිරියකයි බදියුධීන් මන්ත්‍රීවරයා රදවා සිටින්නේ. කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ නොමැති බැවින් ඔහුට විදුලි පංකාවක් ලබාදීමේ හැකියාවක් නොමැති බවයි බන්ධනාගාර නිලධාරින් පවසන්නේ.

    එමෙන්ම බන්ධනාගාර වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීම හා නීති විරෝධී ලෙස බන්ධනාගාරය තුළ ඡංගම දුරකතන භාවිතා කිරීම වැනි විනය විරෝධී චෝදනා කිහිපයක්ද ඔහුට එල්ල වී තිබෙනවා. විනය කඩකරන රැදවියන්ට කිසිදු ඉල්ලීමක් සිදුකිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

    මේ තත්ත්වය තුළ ඔහුට විදුලි පංකාවක් ලැබෙනු ඇති බව පැවැසීම අපහසු බවද බන්ධනාගාර තොරතුරු අනාවරණ කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව