More

    පාසල් ආරම්භ කිරීම පිළිබ ද විවාදයක්.

    Must read

    නොවැම්බර් මාසයේ සිට පාසල් විවෘත කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව විවාදයට භාජනය වූ කාරණයක් බවට පත්ව තිබෙනවා. රජය එවැනි යෝජනාවක් සිදුකළද පාසල් විවෘත කළ හැකි තත්ත්වයක් නොපවතින  බව සෞඛ්‍ය අංශවල නිර්දේශයයි.

    සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ දෛනිකව ආසාධිතයින් 2000 ඉක්මවා වාර්තා වීමත්, කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රබේදය රටපුරා පැතිර තිබීමත් ඉතා අනතුරුදායක තත්ත්වයක් වන බවයි. එබැවින් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදෙනවා.

    මේ අතර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමේ විශේෂ සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article