More

    ඩෙල්ටා රැල්ල එක්ක තවත් රැල්ලක් ඇති වීමේ අවදානමක්.

    Must read

    කොරෝනා භයානක රැල්ල පාලනය වෙමින් පවතින මොහොතේම තවත් රැල්ලක් ඇති නිර්මාණය වීමට අවශ්‍ය පහසුකම් රජය විසින්ම සම්පාදනය කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඉන්දීය සංචාරයකයින් ගෙන්වීමට රජය කටයුතු කර ඇති බවයි. කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව එම වැඩපිළිවෙල සම්පාදනය කර ඇති බවද මෙම තීරණ රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවනු ඇති බවද ඔහු පැවැසුවා.

    යුක්රේන සංචාරකයින් ගෙන්වා ගැනීම තුළ ද එවැනිම ආකාරයේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති වූ බවද පෙන්වා දෙන උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දීය සංචාරකයින් ගෙන්වා ගැනීම ගෙන ඇති තීරණය හමුවේද එවැනිම තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මේ තරමට සිදුවූයේ රජය හිතුමතේට ගත් තීරණ හේතුවෙන් බවද දැන්වත් එවැනි තීරණ වෙත අවතීර්ණ විමෙන් වැලකී සිටිය යුතු බවද ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article