More

    වෙරි වී පැමිණි රාජ්‍ය ඇමැති කොටි සැකකරුවන් එළියට ගනියි.

    Must read

    කොළඹ බන්ධනාගාර මූලස්ථානයට මිතුරන් පිරිසක් සමග බීමතින් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම ඇතුළු වී නොසන්සුන් ලෙස කටයුතු කර තිබෙනවා. බන්ධනාගාර වාර්තා සදහන් කළේ පසුගිය 12 දා මෙම සිද්ධියද සිදුව ඇති බවයි.

    බීමතින් සිට ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය ගිනි අවිය ද රැගෙන මිතුරන් පිරිසක් සමග අනුරාධපුර බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා ඇති සිරමැදිරිය අසලට ගොස් ඇති බවත්, එහි සිටි ඒල්ටීටීඊ රැඳවියන් කිහිප දෙනෙකු සිරමැදිරියෙන් එළියට ගෙන සංවාදයක නිරත වූ බවත් එම ආරංචි පවසනවා.

    එම අවස්ථාවේ එල්ටීටීඊ සිරකරුවන් අට දෙනකු සිරමැදිය තුළ සිය ඇති බවද ඉන් පස්දෙනකු පිටතට ගෙන ඔවුන්ගෙන් දෙදෙනෙකු දණ ගස්වා මරණ තර්ජන එල්ල කර ඇති බවද එම ආරංචි මාර්ග පැවැසුවා. 

    මෙම රාජ්‍ය ඇමැතිවරයා බීමතින් යුතුව පසුගිය 06 වැනිදා කොළඹ බන්ධනාගාර මූලස්ථානයටද ඇතුළු තිබුණා. සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්විය යුතු බව පවසා අදාල ඇමතිවරයා අත්තනෝමතික ලෙස ඊට ඇතුළු වූ බවටයි වාර්තා පලවී තිබුණේ.

    කෙසේ වෙතත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ විමසීම්වලදී බන්ධනාගාර නිලධාරීන් පැවැසුවේ කිසිවක් නොදන්නා බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article