More

    හත්පොලේ අනා ගත් රාජ්‍ය ඇමැතිගෙන් ගරු රංගනයක්.

    Must read

    වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවලට බීමතින් ඇතුළු වීමේ සිද්ධිය මත පදනම්ව  බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථපන කටයුතු රාජ්‍ය අමාත්‍ය  ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එය අද දිනයේ වාර්තා වු උණුසුම්ම පුවත බවටද පත්ව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ස්වාධීන මතධාරීන් පෙන්වා දෙන්නේ මෙය එක්තරා ආකාරයක ගරු රගපෑමක් ලෙසද හැදින්විය හැකි බවයි. කිසියම් විෂයක වගකීම නිසි පරිදි ඉටුකළ නොහැකි තැනැත්තන් අමාත්‍යධූර සදහා පත් නොකර සිටීමේ වගකීම මෙැනි සිදුවීම්වලින් පැහිදිලිකර ගත යුතු බවද ඔවුන්ගේ පැහැදිලි කිරීමයි.

    රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 06 දා බීමතින් යුතුව වැලිකඩ බන්ධනාරයට ඇතුළු වී තිබුණේ සිය මිතුරන් පිරිසකට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව පවසමින්. එහිදී බීමත් පිරිසෙන් කිහිප දෙනෙකු බිම ඇද වැටුණූ බවද බන්ධනාගාර ආරංචි පැවැසුවා. එමෙන්ම මෙහිදී බන්ධනාගාර නිලධාරින්ට බැණවැදී තර්ජන සිදුකළ බවටද රාජ්‍ය ඇමැතිවරයාට චෝදනා එල්ල වුණා.

    මේ අතර පසුගිය 12 දා ඔහු නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටද මේ ආකාරයෙන්ම බීමතින් යුතුව ඇතුළු වී තිබුණා. එහිදී සිරගතව සිටින එල්ටීටීඊ සිරකරුවන් පිරිසක් සිරකුටිවලින් පිටතට ගෙන ඔවුන්ට තර්ජන සිදුකළ බවද බන්ධනාගාර ආරංචි ප්‍රකාශ කර තිබුණා.

    කෙසේ වෙතත් මෙම කාරණා සම්බන්ධයෙන් කළ විමසීම්වලදී බන්ධනාගාර උසස් නිලධාරින්ගෙන් ලැබුණේ පුදුම සහගත පිළිතුරකි. එනම් එවැනි සිද්ධීයක් පිළිබද කිසිවක් නොදන්නා බව පැවැසීමයි. බන්ධනාගාර තුළ සිදුවන දෑ පිළිබද තොරතුරු නොදන්නා බන්ධනාගාර උසස් නිලධාරීන්ගෙන් ඇති ඵලය කුමක්දැයි සමාජය විමසන්නට වුයේ මෙම තත්ත්වය මතයි.

    කෙසේ වෙතත් මෙම සිද්ධිය රජය මුහුණ දී සිටින ගැටළු තවත් පීඩාකාරී ස්වභාවයකට පත්කිරීමට හේතු වී තිබිණ. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ දේවල් දැන් ආණ්ඩුව තුලත් සිදුවෙමින් පවතින බවට ද සමාජය තුළ රාවයන් පැතිර ගොස් තිබුණා.

    මෙම තත්ත්වය තුළ රජයට ඇති වූ පිඩාව තුරන් කර ගැනීමේ උපායක් ලෙස මෙම ඉල්ලා අස්වීම සිදුවූයේද ? එසේත් නැතිනම් ස්වාධීන තීරණයකට අනුව මෙය සිදුවූයේද ? යන්න විසදා ගත යුතු කාරණයක් බවට පත්වන්නේ ඉතිහාසයේ තොරතුරුද එකට ගෙන මෙම පුවත ගැලපීමේදීයී.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව