More

    අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පවසා පීඒච්අයි ට පහරදුන් හිමි නම අතුරුදන්.

    Must read

    සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි භීක්ෂූන් වහනසේලා තෙනමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම අවස්ථාවේ එන්නත්කරන වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බවත්, පස්දෙනෙකුට ලබාදිය හැකි එන්නත් මාත්‍රා පවතින බැවින් තිදෙනෙකු වෙනුවෙන් ඒවා විවෘත කිරීමෙන් තවත් කොටසක් අපතේ දැමීමට සිදුවන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා උන්වහන්සේලාට පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම එම නිලධාරියා ඉල්ලා ඇත්තේ, එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදෙන දිනයක් කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා බවයි.

    කෙසේ වෙතත් එම කරුණු පැහැදිලි කිරීමට අවනත නොවූ හිමි නමක් තමන් වහන්සේ අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද වන බව පවසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තර්ජනය කර පහරදී ඇති බවටයි කැකිරාව පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් වී තිබෙන්නේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා පැවැසුවේ, භික්ෂූන් වහන්සේ තෙනමම අදාල නිලධාරියාට පහර දී ඇති බවයි. එමෙන්ම අගමැතිවරයාගේ නම උපයෝගී කරගනිමින් බලය පෙන්වූ මෙම හිමිවරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද රෝහණ මහතා පැවැසුවා.

    මේ පිළිබ‍ද කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ අගමැති සම්බන්ධීකරණ ලේකම් බව පැවැසූ හිමිනම අදාල විහාරස්ථානයෙන්ද පලාගොස් ඇති බවයි.

    පහරකෑමට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව