More

    දෙපොළකගේ දත් කැඩූ හම්බන්තොට කෙරුමා පොලිසියෙන් කට්ටි පනී.

    Must read

    බම්බලපිටියේ කොතලාවල අවනිව් යන ස්ථානයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති කර ගත් බව කියන හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු යන අය පොලිසිය මගහරිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

    එම ආරවුල ඇති වී තිබුණේ අද පෙරවරුවේදීයී. එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට එරාජ් ප්‍රනාන්දු යන අය විසින් පහරදී ඇති අතර, පහරකෑමට ලක්වූ එක් ආරක්ෂක නිලධාරියෙකුගේ දත්වලට බරපතල හානි සිදුව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබෙනවා. ඔහු මේ වන විට ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

    කෙසේ වෙතත් සැකකාර එරාජ් ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගැනීමට ඔහු සිටින ස්ථාන කිහිපයකට ගොස් පරීක්ෂා කළද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේ.

    එරජ් ප්‍රනාන්දු මහතා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ සෙල්ලම් පිස්තොල් සිද්ධියත් සමගයි. 2014 වසරේ අප්‍රේල් 17 දින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ට ගල් මුල් වලින් පහරදීම හා සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්දයෙන් එල්ල වූ චෝදනා මත ඔහුට අධිකරණයෙන් දඩුවම්ද නියම වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව