More

    ලොහාන්ට එරෙහිව සී.අයී.ඩී. ට පැමිණිලි – නඩු දැමීමටත් සාකච්ඡා.

    Must read

    බීමතින් බන්ධනාගාරවලට ඇතුළු වී අත්තනෝමතික ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට තීරණය කර තිබෙනවා. හෙට පෙරවරුවේ එම පැමිණිල්ල බාරදෙන බවයි එම සංවිධානයේ කැදවුම්කරුවන සුදේශ් නන්දිමාල් මහතා පැවැසුවේ.

    බීමතින් පැමිණි රාජ්‍ය ඇමැතිවරයා සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කර තර්ජනය කර ඇති බවත්. ඒ අනුව ගිනි අවි ආඥා පණත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද ඔහු පැවැසුවා.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණද ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සූදානම් වනවා. එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ සුනිල් වටගල මහතා පැවැසුවේ හෙට දිනයේ පක්ෂයේ නීතිඥ මණ්ඩලය කැදවා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.

    බන්ධනාගාර තුළට බීමතින් ඇතුළු වී සිදුකළ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හෙළිදරව් වීම හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. එහෙත් ඔහුට පැවැරී ඇති මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබද රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී නැහැ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article