More

    පාසල් විවෘත කිරීමට තීන්දුයි.

    Must read

    පාසල් 5000 ක් විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද පැවැති සාකච්ඡාවකදී ප්‍රතිපත්තිමය වශයෙන් එම තීන්දුවට එළඹි බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අප සමග පැවැසුවේ. එම පාසල් විවෘත කරන දිනය ලබන සතියේ නිල වශයෙන් දැනුම් දෙන බවද ඇමැතිවරයා පැවැසුවා.

    සිසුන් 200 ට අඩු පාසල් මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. එම සංඛ්‍යාව සහිත පාසල් ගණන 5000 ක්. අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කළ යුතු බවද එහිදී නාගරික හා සිසුන් වැඩි සංඛ්‍යාවක් සිටින පාසල් දෙවන හා තෙවන අදියර ලෙස විවෘත කිරීම සැලසුමයි.

    පළමු අදියර යටතේ පෙරපාසල්ද ඇතුළුව පළමු ශ්‍රේණියේ සිට 6 ශ්‍රෙණිය දක්වා පංති ආරම්භ කිරීම සුදුසු බවයි අද පැවැති සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article