More

    පෝලිමට අස්වෙයි – කෘෂිකර්ම අමාත්‍යංශයෙත් අර්බුද ?

    Must read

    මානසික ඒකාග්‍රතාවකින් යුතුව සිය රාජකාරී කටයුතු සිදුකිරීමේ අවස්ථාව ගිලිහී යාම හේතුවෙන් තමන් වී අළෙවි මණ්ඩලයේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූ බව ජටාල් මාන්නප්පෙරුම මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බොහෝ දේ පිළිබද කතා කිරීමට තමන් අකමැති බවයි.

    ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මේ වන විට බලවත් අර්බුදයක් බවට පත්ව ඇති මොහොතකයි මාන්නප්පෙරුම මහතා ඉල්ලා අස්වුණේ.

    මේ අතර රජය ලබාදෙන ඇතැම් තීරණ හා නියෝග ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඒවා නොවන බවද ඔහු අවධාරණය කර තිබෙනවා. එබැවින් වසර 20 ක් වූ තම වී අළෙවි මණ්ඩලයේ රාජකාරිය නිමා කිරීමට සුදුසුම මොහොත මෙය බවට තීන්දු කළ බවද ඔහු කර ඇත ප්‍රකාශවල දැක්වුණා.

    මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය බලවත් අර්බුද සහිත ස්ථානයක් බවට පරිවර්තනය වී ඇති බවක්ද පෙනෙන්නට තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි විශ්‍රාමික මේජර් ජනරාල් සුමේද පෙරේරා මහතා පළමුව ඉල්ලා අස්වූ අතර, පසුව එම තනතුරට පත්වූ රෝහණ පුෂ්පකුමාර මහතාද ඉල්ලා අස්වුණා.

    මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමස්ථ ලංකා ගොවිජන සම්මේලයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසුවේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ බලවත් අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වී ඇති බවයි. ගොවීන් හා කෘෂිකර්ම අමාත්‍යංශය සමග කටයුතු කරන තමන් ඒ බව හොදින්ම දන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article